Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

29th April 2022 08:29:08 Hours

රසායනික ජීවවිද්‍යාත්මක විකිරණශීලි සහ න්‍යෂ්ටික ප්‍රතිචාර දැක්වීමේ පාඨමාලාව ආරම්භ කිරීම

ශ්‍රි ලංකා යුධ ඉංජිනේරු පාසල වෙතින් 2022.04.25 වන දින ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරුගේ සංකල්පයක් මත බෝම්බ හා කෘතීම බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව හැදෑරු නිලධාරීන් හා සෙසුනිලයින් හට මෙම පාඨමාලාව ආරම්භ කරන ලදී. මෙම පාඨමාලාව සදහා නිලධාරීන් තිදෙනෙකු හා සෙසුනිලයින් 29 දෙනෙක් සහභාගී වු අතර, මෙම පාඨමාලාව 2022.04.25 වන දින සිට 2022.05.25 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

මෙම පාඨමාලාවේ ආරම්භක දේශණය ශ්‍රිලයුඉපා සේනාවිධායක විසින් සිදු කරන ලදී. ඒ සදහා 14 රණජීවිප්‍ර රෙජිශ්‍රිලංඉ ඒකකයේ අණදෙන නිලධාරිද සහභාගි වන ලදී.