Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

16th June 2022 18:06:57 Hours

බ්‍රිගේඩියර් එස්බීඩබ්ලිව්එම්එන් සමරදිවාකර ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් 11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රීලංඉ හි සිදු කරන ලද නිල සංචාරය

බ්‍රිගේඩියර් SBWMN සමරදිවාකර RSP USP යන ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් යාන්ත්‍රික ඉංජිනේරු බළසේනාවේ බළසේනාධිපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු 2022 ජුනි මස 13 වන දින සිය සමාරම්භක නිළ සංචාරය 11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රීලංඉ හි දී සනිටුහන් කරන ලදි.

11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් කේ කේ පී පුස්සේවල ආර්එස්පී ශ්‍රීලංඉ, සියලුම නිළධාරීන් සහ සෙසු නිලයින් විසින් යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාධිපතිවරයා මහත් හරසරින් පිළිගන්නා ලදී.

මෙම සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් බළසේනාධිපති තුමන් වෙත කදවුරු මුරය පිරිනැමීම සිදු කරන ලද අතර ඉන් අනතුරුව රෙජිමේන්තු මූලස්ථානය ඉදිරිපිට පැළයක් රෝපණය කරමින් බළසේනාධිපති තුමන්ගේ නිල කදවුරු සංචාරය සනිටුහන් කරන ලදි. අනතුරුව අණදෙන නිලධාරී විසින් ඒකකයේ වත්මන් මෙහෙයුම් සහ පරිපාලනය කටයුතු පිළිබඳව යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාධිපති තුමන් දැනුවත් කිරීම සිදු කරන ලදී.

පසුව සේවයේ නියුතු නිළධාරීන් සහ සෙසුනිලයින් අමතමින් යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බළසේනාධිපති තුමන් විසින් රටේ වත්මන් තත්වය තුළ හමුදා නිලධාරියෙකු ලෙස සේවය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් හරවත් කථාවක් සිදු කරන ලද අතර, ඉන් අනතුරුව නිලධාරීන් සමඟ කඳවුරු පරිශ්‍රය නිරීක්‍ෂණය කිරිමෙන් අනතුරුව නිල සංචාරයේ සමාප්තිය සනිටුහන් කරන ලදි .