Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

18th April 2022 17:32:30 Hours

2022 වර්ෂයේ ජාතික ආධුණික ජුඩෝ තරගාවලියේ ශුරතාවය යුධ හමුදා කණ්ඩායමට

2022 වර්ෂයේ ජාතික ආධුණික ජුඩෝ තරගාවලියට ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය නියෝජනය කිරිමට යුධ හමුදා ජුඩෝ සංචිතයේ තරගකරුවන් 08 දෙනෙකු අතර තෝරා ගැනීමේ තරගයක් 2022 මාර්තු මස 08 දින පවත්වා එයින් ක්‍රීඩකයින් 03 දෙනෙකු තොරා ජාතික ආධුණික ජුඩෝ තරගාවලියට සහභාගි කරවන ලදි. එම තරගාවලිය 2022 මාර්තු මස 18, 19 හා 20 යන දිනයන්හි ත්‍රිකුණාමලය මැක්හේෂියර් ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වු අතර, ඒ සදහා පාසල් ක්‍රිඩා කණ්ඩායම් සිවිල් ක්‍රීඩා සමාජ මෙන්ම යුධ හමුදා, නවික හමුදා, ගුවන් හමුදා හා පොලිස් කණ්ඩාම් තරගවැදුණු අතර, ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය නියෝජනය කරමින් 8 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රීලංඉ ඒකකය වෙතින් සහභාගි වු පහත සදහන් තරගකරුවන් තිදෙනාම ඉතා විශිෂ්ඨ දක්ෂතා දක්වමින් ජයග්‍රාහනය කරන ලදී. ඒ අනුව සෙ/246875 ඉසෙ විජේසිංහ ඩබ්ලිව්ඒඑස්පිඩබ්ලිව් යන සෙනියා කි.ග්‍රෑ. 90 බර පන්තියෙන් තරග කර දෙවන ස්ථානයද, ‍සෙ/249372 ඉසෙ රණවීර ඊජිඅයිපී යන සෙනියා කි.ග්‍රෑ. 55 බර පන්තියෙන් තරග කර තෙවන ස්ථානයද, සෙ/248388 ඉසෙ බංඩාර එච්එම්එස් යන සෙනියා කි.ග්‍රෑ. 60 බර පන්තියෙන් තරග කර තෙවන ස්ථානය හිමි කර ගනිමින් විශිෂ්ඨ ජයග්‍රාහන ලබා ඉංජිනේරු බළකාය වෙත මහත් අභිමානයක් සහ කීර්තියක් අත්කර දෙන ලදී.