Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

03rd June 2022 13:29:56 Hours

අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලියේ ඉංජිනේරු සෙබලුන් දක්ෂතා දක්වති.

ශ්‍රි ලංකා යුධ හමුදා සුළු අවි සංගමය විසින් සංවිධානය කරනු ලැබූ අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලිය 2022 මැයි මස 20 වන දින සිට 2022 මැයි මස 26 වන දින දක්වා දියතලාව ෆොක්සිල් හි ක්‍ෂේත්‍ර වෙඩි පිටියේදි පවත්වන ලදි. මෙම තරඟාවලිය සදහා රෙජිමේන්තු 22 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 36 ක් යටතේ වෙඩික්කරුවන් 256 සහභාගි විය. මෙම තරඟාවලිය විවෘත, ආධුනික සහ සේවා යන කණ්ඩ තුනක් යටතේ පවත්වන ලද අතර, ඉංජිනේරු බලකාය නියෝජනය කරමින් වෙඩික්කරුවන් 12 ක් විවෘත සහ ආධුනික කණ්ඩායම් වශයෙන් තරඟ වදින ලදි.

මෙම තරඟාවලියේ ඉංජිනේරු සෙබල සෙ/249802 ඉසෙ මදුසංඛ ඒ ඒ එස් 8 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව නියෝජනය කරමින් රිදී පදක්කම් 03 ක් ජයග්‍රහණය කර විශිෂ්ඨ දක්‍ෂතාවයක් පෙන්වන ලදි. ඔහු ආධුනික කණ්ඩයේ අදියර එක, අදියර හතර සහ හොදම සාමාන්‍ය සෙබල කාණ්ඩයෙන් දෙවන ස්ථානයට පත් වීමෙන් ඉංජිනේරු බලකායට මහත් කීර්තියක් සහ ගෞරවයක් අත්කර දීමට සමත් විය.