Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

28th April 2022 06:54:35 Hours

ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරුතුමාගේ 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තු කදවුරු සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරුතුමා වන මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්ජීසීඑස්බී විජයසුන්දර ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ නිලධාරීතුමාගේ 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තු කදවුරු සංචාරය 2022 අප්‍රේල් මස 16 වන දිනට යෙදී තිබුණි.

ඒකක අණදෙන නිලධාරීතුමා වන ලුතිතන් කර්නල් ඩබ්ලිව්කේඑස්ටී කන්නන්ගර පීඑස්සී ශ්‍රීලංඉ සහ සියලු නිලයන් විසින් ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරුතුමාව පිළිගන්නා ලදී. සම්මාන මුරයෙන් පසුව අණදෙන නිලධාරීතුමා විසින් 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ආරක්ෂක සේනා මූලස්ථානය (යාපනය) බල ප්‍රදේශය තුළ සිදු කරනු ලබන ක්ෂේත්‍ර ඉංජිනේරු, මානුෂීය බිම් වෙඩි ඉවත් කිරීම් සහ යන්ත්‍ර ඉංජිනේරු කටයුතු පිළිබදව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරුතුමා වෙත විස්තර කරන ලදී.

ඉන් අනතුරුව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරුතුමා විසින් ඒකකයේ භට පිරිස් ඇමතූ අතර එහිදී ඉංජිනේරු සෙබලෙකු විසින් පවත්වා ගත යුතු විනය සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ප්‍රගමනයට අවශ්‍ය දායකත්වයත් විස්තර කරන ලදී. තවදුරටත් ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරුතුමා විසින් 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව තුල ඒකකයක් වශයෙන් සිදුවී ඇති සංවර්ධනය පැසසුමට ලක් කල අතර, ඒ සදහා අණදෙන නිලධාරීතුමා සහ සියලු නිලයන් විසින් සිදු කර ඇති කාර්ය භාරයය අගය කරන ලදී.