Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

16th June 2022 17:10:43 Hours

61 වන පාබල සේනාංකාධිපති 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් සාදරයෙන් පිළිගනී

61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ආර්එම්එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී සේනාංකාධිපති වශයෙන් ධූරයෙහි රාජකාරීන් ආරම්භ කිරීමෙන් අනතුරුව 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව වෙත සිදුකරන ලද තම ප්‍රථම නිල සංචාරය 2022 ජූනි මස 10 වන දින සිදුකරන ලදී. එදින උත්සව සඳහා කඳවුරු මුරයක්, ඒකක පිළීබඳ හැඳින්වීමක් ඇතුළත් වූ අතර අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් කඳවුරු සංචාරයක් සිදුකරන ලදී. 612 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්ජීබී කාරියවසම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් සේනාංකාධිපති ඒකක මූලස්ථානය වෙත කැඳවාගෙන එන ලදී. කඳවුරු සංචාරය අතරතුර 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 61 වන සේනාංක බලප්‍රදේශය තුල ඉටු කරන ලද පාබල රාජකාරි මෙන්ම ඉංජිනේරු රාජකාරීන්ද අගය කරන ලදී.