Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

02nd June 2022 09:55:17 Hours

12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සෙබළුන් ගංවතුර සහන කටයුතුවල නිරත වෙති

1. පවතින අධික වර්ෂාවත් 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තු බලප්‍රදේශයට අයත් පැලවත්ත,වලල්ලාවිට සහ බදුරලිය යන ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවිය. 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සෙවුම් සහ මුදාගැනීමේ කණ්ඩායම් දැනට එම ප්‍රදේශයන් වෙත යොදවා ඇති අතර භට පිරිස් විසින් ප්‍රදේශයේ සිවිල් වැසියන්හට සහය වෙමින් ආරක්ෂිත නවාතැන් සඳහා ඔවුන්ගේ ගමනාගමනයට පහසුකම් සපයන ලදී.

2. බලප්‍රදේශය තුල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පැලවත්ත - වලල්ලාවිට මාර්ගයේ සහ පැලවත්ත - බදුරලිය මාර්ගයේ ගමනාගමනය අවහිර විය. පැලවත්ත ප්‍රදේශයේ අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සහ ගුරුවරුන්ට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට සහ විභාගයෙන් පසුව නිරුපද්‍රිතව නිවෙස් වෙත යාමට මෙම ඒකක භටපිරිස් යොදවා පහසුකම් සලසන ලදී. 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් පරිදි සහ 612 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රදේශයේ දැනට ආපදා සහන මෙහෙයුම් සඳහා 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ 03x35 භට පිරිසක් යොදවා ඇත.