Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

24th October 2022 18:24:40 Hours

“තුසිත” වැඩිහිටි නිවාසය සදහා වියළි සලාක, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කිරීම

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනියගේ සංකල්පයකට අනුව 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලි සහ න්‍යෂ්ටික ප්‍රතිචාර රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද මත්තේගොඩ “තුසිත වැඩිහිටි නිවාසය” වෙත වියළි සලාක, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ දානමය කටයුත්ත 2022.10.14 වන දින සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් මත්තේගොඩ “තුසිත වැඩිහිටි නිවාස” පරිශ්‍රෙය්දි පැවැත් වු අතර, ඒ සදහා 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලි සහ න්‍යෂ්ටික ප්‍රතිචාර රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහ එම මැතිණිය, අනෙකුත් සාමාජිකාවන් ඇතුලු සියලු නිලයින්ගේ නොමසුරු දායකත්වය මත සාර්ථකව පවත්වන ලදි