Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

30th September 2022 18:25:51 Hours

පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන - 9 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව

9 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව නවතමයෙන් ඉදිකරන ලද “දැනුම් පියස” පුස්තකාලය ඒකකයේ යුධ හමුදා සෙබළුන්ගේ පොත් කියවීමේ පුරුද්ද වැඩි දියුණු කිරීමට මහත් පිටුවහලක් ලබා දේ. ඒ අනූව 9 වන කාරක ඉංජීනේරු රෙජිමේන්තුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සෙaවය කරනු ලබන කලන චන්දිමාල් වාකිෂ්ඨ මහතාගේ මූලිකත්වයෙන් වටිනා ග්‍රන්ථ කට්ටලයක් “දැනුම් පියස” පුස්තකාලය වෙත 2022 මැයි 11 දින පරිත්‍යාග කරන ලදි. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් කරන ලද මෙම පරිත්‍යාගය වෙනුවෙන් දැක්වු උනන්දුව සහ කැපවීම ශ්‍රී ලංකා යුධ හමුදාව වෙනුවෙන් 9 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් අගය කරනු ලැබීය. තවද යුද හමුදා සෙබලුන්ගේ කියවිමේ පුරුදු වැඩි දියුණු කිරිම හා එයට සුදුසු වටපිටාවක් ඇති කිරීම මගින් ඔවුන්ව ඩිජීටල් තිරයන්ගෙන් ඉවතට ගෙන පොත් කියවීම මගින් ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීමට හැකිවේ.