Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

07th October 2022 22:34:46 Hours

12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ලෝක ළමා දිනයට සමගාමීව පරිත්‍යාග වැඩසටහන් සංවිධානය කරයි

"ලෝක ළමා දිනය" සමරමින් 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් 2022 සැප්තැම්බර් 30 වැනි දින හල්වල්කැලේ ප්‍රාථමික විද්‍යාලය මීගහතැන්න ඉගනුම ලබන ළමුන් 38 දෙනෙකු සඳහා දිවා ආහාරය පිරිනමන ලදී. එමෙන්ම 2022 ඔක්තෝබර් 01 වැනි දින දොන් බොස්කෝ ළමා නිවාසය මග්ගොනහි ළමුන් 45 දෙනෙකු සඳහාද දිවා ආහාරය පිරිනමන ලදී. හල්වල්කැලේ ප්‍රාථමික විද්‍යාලය අඩු පහසුකම් සහිත දුෂ්කර පාසලකි. මෙම අවස්ථාවට සහභාගි වූ සෑම සිසුවෙකුටම වටිනා ත‍්‍යාග පාර්සල් ද පිරිනැමිණි.

612 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බන්දුල කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිල‍ධාරී තුමන්ගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර, 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් සහ පරිත්‍යාගශීලී ලොකු බාලසූරිය මහතා ද මෙම අවස්ථාවට සහ‍‍‍භාගි වන ලදී.