Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

06th March 2022 12:44:03 Hours

ඉංජිනේරු බලකාය වෙතින් සබරගමුව පලාතෙහි අයගම - කලවාන මාර්ගය ප්‍රථිසංස්කරණය කිරීම

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙතින් ක්‍රියාත්මක “ජාතිය ගොඩනැගීමේ සංවර්ධන ව්‍යාපෘති” වැඩසටහනට පුළුල් ලෙස ව්‍යාප්තව රට තුල දැවැන්ත සංවර්ධන කාර්ය භාර්යයක් සිදු කරනු ලබයි. විශේෂයෙන් රටෙහි යහපැවැත්ම වෙනුවෙන් “ජාතියේ ආරක්‍ෂකයින්” ලෙස ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යය දැක්ම” ප්‍රථිපත්ති ප්‍රකාශය බල ගැන්වීමෙන් යුධ හමුදා ඉංජිනේරු බළකාය, රාජ්‍ය යාන්ත්‍රණය සමඟ අඛණ්ඩව ඉතා ඵලදායී ලෙස සම්බන්ධීකරණ කටයුතු සිදු කර ඇත. ඒ අනුව උක්ත ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා අධිවේගී මාර්ග පද්ධතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් දැනට රට තුළ කිලෝමීටර් 100,000 ක විකල්ප සහ ග්‍රාමීය මාර්ග පද්ධතියක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කර ඇත.

ඒ අනුව අයගම සිට කලවාන (B 34) මාර්ගය 11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රිලංඉ භඨ පිරිස් සහ මාර්ග සංවර්ධන අධිකාරිය - රත්නපුරය සමග එක්ව කි:මී: 16.5 ක් දුර ප්‍රමාණයක් මීටර් 6.4 ක් පළලට ද්විත්ව මංතිරු මාර්ගයක් ලෙස ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු කරමින් පවති. මෙම ව්‍යාපෘතිය මගින් පවුල් 2765 කට සෙත සැලසෙන අතර, ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තු ගත පිරිවැය මිලියන 970 කි. ප්‍රතිසංස්කරණය කරනු ලබන මාර්ගය කදු ආශ්‍රිතව පිහිටා ඇති බැවින් මාර්ගය දෙපස පස් කැපීම මෙන්ම ගොඩ කිරීම් රාශියක් සිදු කල යුතු අතර,සැකසිය යුතු බෝක්කු ගණන 131 කි. එයින්ද මේ වන විට 31 ක වැඩ කටයුතු අවසන් කර ඇත.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරාල් එල් එච් එස් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහ හිටපු‍‍ ඉංජිනේරු බළකාධිපති මේජර් ජෙනරාල් ඒ එන් අමරසේකර යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය 2020 අගෝස්තු මස 01 දින ආරම්භ කරන ලද අතර, ඒ සදහා හිටපු ඉංජිනේරු සේනාංකාධිපති ඩබ්ලිව් එම් ජී සී එස් බී විජයසුන්දර ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, හිටපු යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාධිපතීන් වන බ්‍රිගේඩියර් එන්පීඒ ගුණවර්ධන ආර්එස්පී සහ බ්‍රිගේඩියර් එම් කේ ජයවර්ධන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් මාර්ගෝපදේශයන් සපයන ලදි.

මෙම සංවර්ධන ව්‍යාපෘතියේ මේ වන විට 40% කට ආසන්න ප්‍රමාණයක වැඩ කටයුතු අවසන් කර ඇති අතර, ව්‍යාපෘතිය වෙනුවෙන් යොදවා ඇති භඨ පිරිස් හි දැඩි කැපවීම, උනන්දුව මත ඉදිරි කෙටි කාලසීමාවක් තුල ව්‍යාපෘතිය අවසන් කිරිමට නියමිතව ඇත. තවද වත්මන් යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාධිපති බ්‍රිගේඩියර් ජී ඩබ්ලිව් ඒ සෙනවිරත්න යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ නිසි සම්බන්ධීකරණය සහ මාර්ගෝපදේශයන්ට අනුව ව්‍යාපෘතියේ පුර්ණ අධික්‍ෂණ කටයුතු 11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රිලංඉ හි අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේ කේ පී පුස්සේවල ආර්එස්පී ශ්‍රිලංඉ විසින් සිදු කරනු ලබයි.