Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

22nd March 2022 10:56:58 Hours

2021 අන්තර් රෙජිමේන්තු ජිම්නාස්ටික් කිරුළ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය දිනා ගනියි

2021 අන්තර් රෙජිමේන්තු ජිම්නාස්ටික් ශූරතාවලිය රෙජිමේන්තු 08ක ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් 2022 පෙබරවාරි මස 22 හා 23 යන දෙදින තුළ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැති අතර ඒ සදහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව‚ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය‚ ශ්‍රී ලංකා සංඥා බලකාය‚ ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව‚ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව‚ ගැමුණු හේවා බලඇණිය‚ ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව යන රෙජිමේන්තු වල ක්‍රීඩකයින් සහභාගි විය.

මුලු ලකුණු 163.5ක් සහ පදක්කම් 5ක් දිනා ගනිමින් තරගාවලියේ සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත නතු කර ගැනීමට ඉංජිනේරු බලකා ක්‍රීඩකයින් සමත් විය. එහිදී සෙ/4B02716 කෝප්‍රල් අරුණසිරි එල්ජීකේ විශිෂ්ට දස්කම් පාමින් නිශ්චල වළලු සහ සමාන්තර පෝල යන ඉසව් වල රන් පදක්කම්ද සෙ/250449 ඉංජිනේරු සෙබල ප්‍රනාන්දු කේජේඑම්බී ආධාරක අශ්වයා ඉසව්වේ රන් පදක්කමද සමාන්තර පෝල සහ හරස් දණ්ඩ යන ඉසව් වල රිදී පදක්කම්ද දිනා ගැනීමට සමත් වූ අතර ඔහු ක්‍රීඩකයින් 35දෙනෙකු අතරින් දෙවන ස්ථානය දිනා ගැනීමටද සමත් විය.

ජිම්නාස්ටික් ශූරතාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් සහ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විශාල ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් 2022 මාර්තු මස 10 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.