Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

11th March 2022 22:18:22 Hours

12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ගැබිණි මව්වරුන් වෙත වියළි සලාක අසුරන බෙදාදිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

612 පාබල බලසේනාවේ බලසේනාධිපතගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ “එක්ව ආහාර බැංකුවේ” මුල්‍ය අනුග්‍රහය ඇතිව මතුගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලීය ප්‍රදේශයට අයත් පවුල් වල ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 4,200.00/= ක් පමණ වටිනා සහල්, පරිප්පු, සීනි, කුළුබඩු සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලත් වියළි සලාක මළු 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙබළුන් විසින් 2022 මාර්තු 10 දින බෙදාදෙන ලදි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 612 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් ජී බී කාරියවසම් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහභාගී විය. මෙම අවස්ථාව සඳහා 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරීන්, සෙසු නිලයින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් සහභාගී විය. 612 පාබල බලසේනාවේ අධීක්‍ෂණය යටතේ 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම මාහැගි සත්කාර වැඩසටහන ප්‍රදේශයේ සියලුම පාර්ශවයන්ගේ ඇගැයීමට ලක්විය.