Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

07th March 2022 12:19:07 Hours

කෝප්‍රල් සිට සැරයන් දක්වා නිල උසස් කිරිමේ පාඨමාලාව 1/2022

පුහුණු අම අනුමැතිය මත කොනොනින් 34 දෙනෙකුගෙන් සමන්විත විෂයගත පාඨමාලාව 2022 ජනවාරි 18 වන දින මෙම ඒකකය තුල ආරම්භ කල අතර, ඒ සදහා 1, 5, 6, 8, 10 සහ 11 කාඉරෙ ශ්‍රිලංඉ ඒකක භඨ පිරිස් සහභාගි වන ලදි. ඒ අනුව, විෂයගත පාඨමාලාව සදහා සහභාගි වු කොනොනින් තම ජ්‍යෙෂ්ඨතාවය අනුව සහභාගි කරවා තිබු අතර, පාඨමාලා කාලය තුල මුලික යුධ උපක්‍රම, සිතියම් කියවිම, අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි, ශාරිරික අභ්‍යාස, අවි පුහුණුව, ගිණුම්කරණය, සාමාන්‍ය දැනිම, සරඔ හා භඨ ලිලාව මෙන්ම නායකත්ව ගුණාංග සබැදි මනා දැනුමක් ලබාදිමට කටයුතු කරන ලදි.

තවද, පාඨමාලාව අවසන් විමට ප්‍රථම යාපනය ප්‍රදේශයේ අසිරිය දැක බලා ගැනිම වෙනුවෙන් ඒකක අණදෙන නිලධාරිගේ පුර්ණ අනුමැතිය මත ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සමරු පිලිරුව, කදුරුගොඩ විහාරය, යාපනය බලකොටුව, දඔකොල පටුන නැරඹිම සදහා පාඨමාලා සිසුන් සහභාගි කරවිමට කටයුතු සිදුකරන ලදි.

පාඨමාලා පුහුණු සැලැස්මට අනුව සතියේ වැඩකරන දින 35 ක කාල සිමාව තුල කොනොනියෙකුගේ පුද්ගල සංවර්ධනය සහ ඉගෙන ගැනිමේ ක්‍රමෝපායන් වර්ධනය කර ගැනිමට විවිධ වු ක්‍රමවේදයන් භාවිතා කරමින් පාඨමාලා විෂය දැනුම ලබාදිමට කටයුතු කර ඒකක අණදෙන නිලධාරිතුමන්ගේ සහභාගිත්වයෙන් පාඨමාලා අවසන් දේශණය පවත්වමින් 2022.03.28 වන දින පාඨමාලාව අවසන් කරන ලදි.