Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

11th March 2022 22:20:32 Hours

ඉංජිනේරු බළකාය විසින් මාතර පරෙවි දූපත යා කෙරෙන කඩිනම් විකල්ප පාලම ඉදිකිරීම

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් එල් එච් එස් සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් පරිදි මාතර පරවි දූපත සහ ප්‍රධාන ගොඩබිම යාකරනු ලබන විකල්ප පාලම ඉංජිනේරු බලකායේ දායකත්වයෙන් 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ප්‍රමුඛ දායකත්වයෙන් ඉදිකිරීම් සිදුකරනු ලබයි. මෙහි පැවති යකඩ පාලම 2022 මාර්තු මස 04 වන දින කඩා වැටීමකට ලක්වූ අතර දූපතෙහි පිහිටි විහාරස්ථානය වෙත පැමිණෙන බැතිමතුන් හට විහාරස්ථානය වෙත ගමන් කිරීමට නොහැකි විය.

ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් ජී සී එස් බී විජයසුන්දර ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී, ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්කේ ජයවර්ධන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ සහ පොදු කාර්ය ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පීපීඒ පෙරේරා පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මගපෙන්වීම සහ තාක්‍ෂණික උපදෙස් මත 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තු භඨ පිරිස් විසින් 2022 මාර්තු මස 05 වන දින හියුම් පයිප්ප සහ විදුලි කණු උපයෝගී කර ගනිමින් අඩි 323 දිගකින් සහ අඩි 03 පළලකින් යුතුව විකල්ප පාලමක් ඉදිකිරීම ආරම්භ කරන ලදී.

දැනට 612 පාබල බලසේනාව යටතේ පාබල රාජකාරින්හි නිරත 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තු භඨ පිරිස් විසින් තම යුධ ඉංජිනේරු ශිල්පිය දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් උපයෝගී කර ගනිමින් විකල්ප පාලම ඉදිකිරීම් කටයුතු සිදුකරන අතර, 14 රණජිවිප්‍ර රෙජි ශ්‍රිලංඉ රෙජිමේන්තුව, 16 වැඩපල රෙජිමේන්තුව, 4 (සෙව්) ඉංජිනේරු රෙජිමේන්තුව සහ 12 (සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට අයත් නිලධාරින් සහ භඨපිරිස්ද තම ශිල්පීය දැනුම හා දායකත්වය ලබා දෙමින් විකල්ප පාලමෙහි වැඩකටයුතු කඩිනමින් අවසන් කිරීමට තම මා හැගි සහයෝගය සපයනු ලබයි. එමෙන්ම 613 පාබල බලසේනා මූලස්ථානයේ සහ 3 (සෙව්) ගැමුණු හේවා බලකායේ භඨපිරිස් පාලමේ කටයුතු සිදුකරගෙන යාමට අවශ්‍ය ශ්‍රම දායකත්වය සපයනු ලබයි. ඉංජිනේරු බලකාය විසින් සිදුකරනු ලබන මෙම ජාතික කර්තව්‍යය ප්‍රාදේශීය රජයේ ආයතනයන්හි නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ ජනතාව දැඩි ප්‍රශංසාවට ලක් කරන ලදී.