Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

22nd March 2022 11:50:18 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ආර්එස්පී යුඑස්පී ඒන්ඩියු ජේෂ්ඨ නිලධාරී තුමන්ගේ ඉංජිනේරු සේනාංක සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින් 2022 මාර්තු 11 වන දින ඉංජිනේරු සේනාංක පරිශ්‍රයෙහි නිළ සංචාරය සිදු කරන ලදී.

ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන ආර්එස්පී යූඑස්පී එන්ඩියු ජේෂ්ඨ නිලධාරී විසින් ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරුතුමන් ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලදි.

මෙම සංචාරයේදි ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු විසින් 5කාඉරෙ ශ්‍රීලංඉ, 14රණජීවීප්‍ර සහ 16වැඩපල ශ්‍රීලංඉ යන කඳවුරු ක්‍ෂේත්‍ර පරික්ෂාවක් සිදුකරනු ලැබු අතර අනතුරුව භඨ පිරිස් අමතා ඔවුන්ගේ ඉදිරි අනාගත කටයුතු වෙනුවෙන් සුභපැතුම් එක් කරන ලදි.

පසුව ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරුතුමන් ඉංජිනේරු සේනාංකය, 5කාඉරෙ ශ්‍රීලංඉ, 14රණජීවීප්‍ර හා 16වැඩපල ශ්‍රීලංඉ ඒකකයන් හි වර්තමාන කටයුතු සම්බන්ධව එම සේනාංක හා ඒකක වල මාණ්ඩලික හා අණදෙන නිලධාරීන් විසින් ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරුතුමන් දැනුවත් කරන ලදී.

ඉංජිනේරු සේනාංකයේ සියළුම මාණ්ඩලික නිලධාරීන්, 5කාඉරෙ ශ්‍රීලංඉ, 14රණජීවීප්‍ර සහ 16වැඩපල ශ්‍රීලංඉහි අණදෙන නිලධාරීවරුන් හා අනෙකුත් නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.