Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

05th April 2022 12:15:21 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් චන්දන විජයසුන්දර ආර්එස්පී යුඑස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ 1 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව සංචාරය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් චන්දන විජයසුන්දර විසින් 2022 මාර්තු 29 වන දින 1 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තු පරිශ්‍රයෙහි නිළ සංචාරය සිදු කරන ලදී.

1 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් යුජීඑස් විජේනායක යුඑස්පී ශ්‍රීලංඉ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු තුමන් ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලදි.ඉන් අනතුරුව ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු තුමන්ගේ නිල සංචාරය සනිටුහන් කරමින් ඔහු විසින් ඒකක පවුල් වෙළඳසැල ඉදිරිපිට පැලයක් රෝපණය කරන ලදි.

පසුව 1 වන කාරක ඉංජිනේරු ඉංජිනේරු රෙජිමේන්තුව විසින් නිමකරන ලද ව්‍යාපෘති, සිදුකරමින් පවතින ව්‍යාපෘති සහ ඉදිරියේදී සිදුකිරීමට නියමිත ව්‍යාපෘති පිලිබඳව අණදෙන නිලධාරී තුමන් විසින් ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු තුමන් දැනුවත් කරන ලදී.

මෙම සංචාරයේදී ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු තුමන් විසින් භඨ පිරිස් අමතා යහපත් යුද්ධ හමුදා සෙබළුන් ලෙස තම රාජකාරී කටයුතු සිදුකරන ලෙසද, අනතුරුව ඔවුන්ගේ ඉදිරි අනාගත කටයුතු වෙනුවෙන් සුභ පැතුම් එක් කරන ලදි. ඉන් අනතුරුව 1 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු තුමන් හට සමරුපලකයක් පිරිනමන ලදි.

පසුව ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු තුමන් භඨ පිරිස් හා එක්ව 1 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් පිලියෙල කරන ලද තේ පැන් සංග්‍රහය සතුටින් භුක්ති විඳින ලදි.

1 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තුමන් සහ අනෙකුත් සියළුම නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් මෙම අවස්ථාව සඳහා සහභාගී වන ලදි.