Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

09th March 2022 17:53:06 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරුගේ 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ඉටුකරන ව්‍යාපෘතීන්හි ප්‍රගති නිරීක්‍ෂණ සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් ජී සී එස් බී විජයසුන්දර ආර්එස්පී යූඑස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 මාර්තු මස 04 වන දින 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ඉටුකරනු ලබන ව්‍යාපෘතින්හි වත්මන් ප්‍රගතිය පිළිබදව අධීක්‍ෂණය කිරීමේ සංචාරයක් සිදුකරන ලදී. 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී විසින් සංචාරයට පැමිණි ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු පිළිගනු ලැබූ අතර, අනතුරුව ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය පිළිබඳව දැනුවත් කරන ලදී.

මෙම සංචාරයේදී යටියන ප්‍රාථමික විද්‍යාලයේ සහ ඉහළ හෙවෙස්ස ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතීන් ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු විසින් නිරීක්‍ෂණය කරන ලද අතර, ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු විසින් ව්‍යාපෘතින් නිමකිරීම හා ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රියාමාර්ගයන් සබැඳිව භඨපිරිස් වෙත උපදෙස් ලබාදෙන ලදී. තවද නියමිත කාලරාමුවක් තුලදී අදාල කාර්ය නිම කිරීම හා කාර්ය ඉටුකිරීමේදී පවත්වා ගත යුතු වෘත්තීමය නිපුනත්වය හා විනය පිළිබඳව තවදුරටත් උපදෙස් ලබාදෙන ලදී.

ව්‍යාපෘති ප්‍රගති නිරීක්‍ෂණ චාරිකාවෙන් අනතුරුව 12 වන කාරක ඉංජිනේරු මූලස්ථානය වෙත පැමිණි ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු තුමන් එහිදි ඒකකයේ නිළධාරීන් සමඟ හරවත් සංවාදයක නිරත විය.