Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

සේවා වනිතා

  • ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ තවත් ප්‍රජා සත්කාරයක්

    ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු ස‍භාපති තුමියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 14(සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ රාජකාරී නියුතු නි/9846 ලුතිතන් කේආර්කේටී මලින්ද ශ්‍රීලපාහ යන නිලධාරීගේ බිරිද හට සුසුම්නාවේ ඇතිවූ පි‍ළිකාවක් හේතුවෙන් ශල්‍යකර්මයක් සිදුකිරීමෙන් අනතුරුව ඉනෙන් පහල කොටස අකාර්යක්‍ෂම වී ඇති බවත්, තත් නිලධාරී පත්ව ඇති අසරණ තත්වය පිළිබදව සලකා බලා රු:50,000.00 මුදලකට අදාල ප්‍රේශණපතක් එම නිලධාරී හට සහ 14(සෙව් ශ්‍රීලපාහ ඒකකයට අයත් හදිසි අනතුරකින් මියගිය සෙ/14ඩී01467 සාසෙ ඒකනායක ඊඑම්එස් යන සෙනීගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සහ අනෙකුත් අවශ්‍යතාවයන් වෙනුවෙන් (එක් දරුවෙකු හට රු:25,000.00 ක් බැගින්) රු:50,000.00 ක මුදලක් 2020.08.19 වන දින බැංකු ගතකර ඇති අතර ....

    Sinhala
  • ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ තවත් ප්‍රජා සත්කාරයක්

    V වන අධියර යටතේ රණසේවාඅම විසින් ඉදිකරනු ලබන නව නිවාස ව්‍යාපෘතිය සඳහා මෙම රෙජිම වෙතින් පහත නම් සඳහන් අයවලුන් තෝරා පත්කරගෙන ඇති අතර, එක් නිවසක් ඉදිකිරීම වෙනුවෙන් වැයවන සම්පූර්ණ මුදල රු: 1,500,000.00 ක් බැවින් රණසේවා අම වෙතින් රු: 1,200,000.00 ක්ද ශ්‍රීලපාහ රෙජිමේන්තුව වෙතින් රු: 300,000.00 ක්ද (නිවාස 04 සදහා රු: 1,200,000.00 ක්) ලබාදෙන ලෙස උපදෙස් ලබාදී ඇති අතර, එම මුදලින් රු: 600,000.00 ක මුදලක් රෙආස රෙම ශ්‍රීලපාහ වෙතින් සහ ඉතිරි රු: 600,000.00 ක මුදල සේවා වනිතා ශාඛාව වෙතින් ලබාදීම සඳහා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය විසින් උපදෙස් ලබාදීමෙන් පසු අදාල නිවාස ලාභින් 04 දෙනා හට (එක් අයෙකුට 150,000.00 ක් බැගින්) රු: 600,000.00 ක මුදලට අදාල ප්‍රේෂණපත් 2020.08.20 වන දින 0930 පැයට ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ගරු සභාපතිතුමිය වන අනුජා ජයවීර මහත්මියගේ සුරතින් පරිත්‍යාග කරන ලදි. තවද, එම අවස්ථාව සඳහා රෙම ශ්‍රීලපාහ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ජේකේආර්පි ජයසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ සේවා වනිතා ශාඛාවේ සම්බන්ධිකරණ නිලධාරී ඇතුළු සෙසු සාමාජිකයින් පිරිසක්ද සහභාගී වන ලදි.

    Sinhala
  • ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ ප්‍රධානත්වයෙන් 2020 වර්ෂයේ පැවති ප්‍රථම මහසභා රැස්විම

    ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ ප්‍රධානත්වයෙන් 2020 වර්ෂයේ ප්‍රථම මහසභා රැස්විම 2020.08.10 වන දින රෙම ශ්‍රීලපාහ නිලධාරි නිවස්නයේදී පවත්වන ලදී. එහිදි මියගිය/ රණක්‍ෂිතයට පත් සහ සේවයේ යෙදි සිටින නිලධාරි/ සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන්ගේ පවුල් වල ලගම ඥාතින් වෙනුවෙන් ඉදිරියේදි සුභසාධන කටයුතු සිදු කිරිම සබැදිව විශේෂයෙන් සාකච්ජා කල අතර රණවිරු සුභසාධන කටයුතු වෙනුවෙන් ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ අරමුදල වර්ධනය කර ගැනිම සදහා මුදල් එක්රැස් කර ගැනිමේ ක්‍රමවේදයන් පිළිබදවද සාකච්ජා කරන ලදී.

    Sinhala
  • ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කරන ලද පියයුරු පිළිකා පිළිබද දේශණය

    ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන අනුජා ජයවීර මහත්මියගේ උපදෙස් හා මගපෙන්විම යටතේ රෙම ශ්‍රීලපාහට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරි/ නිලධාරි සහ සෙසුනිලයින්ගේ බිරින්දෑවරුන් 130 දෙනෙකු වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ පියයුරු පිළිකා පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීව අනුරුද්ධ සෙනවිරත්න මහතා විසින් කාලීන වෛද්‍ය වැඩමුළුවක් 2020.08.10 වන දින 0900 පැයට රෙම ශ්‍රීලපාහ කොනොනි සමාජ ශාලාවේදි පවත්වන ලදී. එම අවස්ථාව සදහා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය, ගරු උප සභාපති තුමිය වන සුජිවා ශ්‍රීමති ආබෘෘ මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ සාමාජිකාවන් පිරිසක් සහභාගි වන ලදී.

    Sinhala
  • සේවා වනිතා ශාඛාවේ නව සභාපති තුමිය තම ධුරයේ වැඩ භාර ගනී

    ශ්‍රි ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපති ධූරයේ මාස 4 ට වැඩි කාලසීමාවක් රාජකාරී කරනු ලැබූ හිටපු ගරු සභාපතිනී චායා ගුණරත්න මහත්මිය සමුගැනීමෙන් පසු එම තනතුර සඳහා 2020.07.29 වන දින සිට 8 වන ගරු සභාපති තුමිය වශයෙන් අනූජා ජයවීර මැතිණිය පත්වූ අතර, එම මැතිණිය විසින් 2020.07.31 වන දින 1025 පැයට යෙදුනු සුභ මොහොතින් ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති ධූරයේ රාජකාරී ආරම්භ කරණ ලදි. එම අවස්ථාව සදහා රෙජිමේන්තු අධිපති තුමන් ඇතුළු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වන ලදි.

    Sinhala
  • ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ හිටපු ගරු සභාපති තුමිය හා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ සමුගැනීමේ සාදය - 2020

    ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශඛාවේ වත්මන් ගරු සභාපති තුමිය වන චායා ගුණරත්න මැතිණියගේ උපදෙස් හා මගපෙන්වීම් යටතේ රෙම ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ හිටපු ගරු සභාපති තුමිය වන ක්‍රිෂානි මුදලිගේ මැතිණිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් වන ක්‍රිෂාන්ති වඩුගොඩපිටිය මැතිණිය සහ දීපිකා අබේරත්න මැතිණිය සමු ගැනීම වෙනුවෙන් 2020.07.19 වන දින 1100 පැයට රෙම ශ්‍රීලපාහ නිලධාරී නිවස්නයේදී සමුගැනීමේ සාදයක් පවත්වන ලදී. එම අවස්ථාව සදහා ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ වත්මන් සභාපති තුමිය සහ ගරු උපසභාපති තුමිය වන අනුජා ජයවීර මහත්මිය ඇතුලු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් සහභාගී වන ලදී. තවද පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක ඩබිලිවිඩබිලිවිවී ආර්ඩබිලිවිපී ආර් එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී අතුළු නිලධාරීන් පිරිසක්ද රෙම ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ සම්බන්ධීකරණ නිලධාරී ඇතුළු සෙසු සාමාජිකයන් පිරිසක් ද සහභාගී වන ලදී.

    Sinhala
  • සේවා වනිතා ශාඛාවේ නව සභාපති තුමිය තම ධුරයේ වැඩ භාර ගනී

    ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපති ධූරයේ මාස 08 ක කාල සීමාවක් රාජකාරී කරනු ලැබූ හිටපු ගරු ස‍භාපතිනී ක්‍රිෂානි මුදලිගේ මහත්මිය සමුගැනීමෙන් පසු එම තනතුර සදහා 2020.03.09 වන දින 07 වන ගරු ස‍භාපතිනිය වශයෙන් චායා ගුණරත්න මහත්මිය පත්වූ අතර, එම මැතිණිය විසින් 2020.03.12 වන දින 1110 පැයට යෙදුන සුභ මොහොතින් ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපති ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදි. එම අවස්ථාව සදහා රෙජිමේන්තු අධිපති තුමන් ඇතුළු සේ‍වාවනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වන ලදි.

    Sinhala
  • ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලැබු තවත් ප්‍රජාසත්කාරයක්

    ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලබන ප්‍රජාසත්කාර වැඩසටහන් අතුරින් තවත් එක් දිගුවක් ක්‍රියාවට නංවන ලදි. ඒ අනුව සේවාවනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන ක්‍රිෂානි මුදලිගේ මහත්මියගේ උපදෙස් හා මග පෙන්වීම යටතේසේවාවනිතා ශාඛාවේ මූල්‍යමය දායකත්වයෙන් සහ 4 ශ්‍රීලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වය ඇතිව 4 ශ්‍රීලපාහ ඒකකයට අයත් මියගිය සෙ/314797 කෝප්‍රල් පුෂ්ප කුමාර අයිඑම්ආර් යන කොනොනිගේ ලගම ඥාතියා වෙනුවෙන් අංක 76/2, රණවන, තෝරයාය, කුරුණෑගල ප්‍රදේශයේ අංග සම්පූර්ණ නව නිවසක් ඉදිකරන ලද අතර, එම නිවස 2020.03.05 වන දින 1030 පැයට යෙදුන සුභ මොහොතින් ගරු සභාපති තුමියගේ සුරතින් විවෘත කරන ලදි. එම අවස්ථාව සදහා සේවාවනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක තුමා, 4 ශ්‍රීලපාහ අණදෙන නිලධාරී තුමන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ සම්බන්ධීකරන නිලධාරී ඇතුළු සාමාජිකයින් පිරිසක්ද සහභාගී වන ලදි.

    Sinhala
  • ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලැබු තවත් ප්‍රජාසත්කාරයක්

    ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලබන ප්‍රජාසත්කාර වැඩසටහන් අතුරින් තවත් එක් දිගුවක් ක්‍රියාවට නන්වන ලදි. ඒ අනුව ශ්‍රිලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන ක්‍රිෂානි මුදලිගේ මහත්මියගේ උපදෙස් හා මග පෙන්විම යටතේ සේවා වනිතා ශාඛාවේ මුල්‍යමය දායකත්වයෙන් රෙම ශ්‍රීලපාහ රණක්‍ෂිතයට පත් සහ සේවයේ නියුතු රණවිරුවන් පස් දෙනෙකු හට නව නිවාස ඉදිකර ගැනිම සදහා රුපියල් ලක්‍ෂ 800,000.00 බැගින් රුපියල් ලක‍ෂ 4,000,000.00 ක මුදලක්ද, රණවිරුවන් දෙදෙනෙකු හට අර්ධ නිවාස ඉදිකර ගැනිම සදහා රුපියල් ලක්‍ෂ 500,000.00 බැගින් 1,000,000.00 ක මුදලක් හා සිවිල් සේවක මහතෙකු හට තම නිවසේ ඉදිරි වැඩ කටයුතු කර ගැනිම සදහා රුපියල් ලක්‍ෂ 300,000.00 ක මුදලක් සමගින් මුළු වටිනාකම රුපියල් ලක්‍ෂ 5,300,000.00 කට අදාල ප්‍රේශණපත් 2019 .12.28 වන දින හික්කඩුව මහජන ක්‍රිඩාංගනයේ පැවැත්වු පාබල මේලා සැණකෙලියේදි ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ සුරතින් තත් නිවාස ලාභින් හට පතරිත්‍යාග කරන ලදී.

    Sinhala
  • ශ්‍රිලපාහ සේවා වනිතා ශාඛාව විසින් වාර් ෂිකව පවත්වනු ලබන විනෝද චාරිකාව - 2019

    ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය ක්‍රිෂානි මුදලිගේ මහත්මියගේ උපදෙස් හා මග පෙන්විම යටතේ ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව විසින් වාර් ෂිකව පවත්වනු ලබන විනෝද චාරිකාව ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ හිටපු ගරු සභාපතිනයන් වන සෝනියා කෝට්ටේගොඩ මහත්මිය, දමයන්ති රත්නායක මහත්මිය, ශාරි මල්ලවආරච්චි මහත්මිය සහ ධනංජනි කරුණාසේකර මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ රෙම ශ්‍රීලපාහට අයත් මියගිය/ විශ්‍රාමික සහ සේවයේ නියතු ජ්‍යෙෂ්ඨ නිලධාරි/ නිලධාරි බිරින්දෑවරුන්, ඔවුන්ගේ දු දරුවන්ගේ සහභාගිත්වයෙන් 2019.12.26 වන දින ලයා ලෙෂර් කුකුලේගගහිදි දවස පුරා පවත්වන ලදී.

    Sinhala