Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

සේවා වනිතා

  • කළ සේවයට නිසි ඇගයුම්...

    1999 වර්ෂයේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පිහිටුවනු ලැබූ පාබල හමුදා සේවාවනිතා ශාඛාව එදා මෙදා තුර පාබල හමුදාවේ උදාර රණවිරුවන් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් සිදුකරනු ලබයි. රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ විවිධ සුභසාධන අවශ්‍යතා ඉටුකරමින් සුභසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සඳහා ද සුවිශාල දායකත්වයක් සපයනු ලබයි.

    Sinhala
  • 75 වෙනි යුද හමුදා දිනය වෙනුවෙන් ශ්‍රීලපාහ සේවාවනිතාවෙන් ඳිලිඳු පවුලකට නව නිවසක්

    ආඥාපති ආසේමු (මධ්‍යම) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබිඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශණි යහම්පත් මැතිනියගේ සංකල්පයක් මත 75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව අඩු ආදායම් ලාභි පවුලක් වෙත නව නිවසක් ඉදිකර දීමේ මහඟු සත්කාරයකට මුලපුරන ලදී.

    Sinhala
  • පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් සිදු කල සුවිශේෂි මෙහෙවර

    ශ්‍රි ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් පාබල හමුදාවට අයත් රණවිරුවන් වෙනුවෙන් සිදු කරනු ලබන සුභ සාධන කටයුතු වල තවත් පියවරක් ඉදිරියට තබමින් ආඥාපති ආසේමු (මධ්‍යම) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබිඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශණි යහම්පත් මැතිනියගේ උදාරතර සංකල්පයක් මත 2024.11.09 වන දින රෙම ශ්‍රිලපාහට අයත් නිලධාරින්ගේ සහ සෙසු නිලයින්ගේ භාර්යාවන් 150 කගේ පමණ සහභාගිත්වයෙන් සුපවේදී වැඩමුළුවක් පවත්වන ලදී. ඒ සඳහා පුර්ණ අනුග්‍රාහය නෙස්ලේ ලංකා පුද්ගලික සමාගම වෙතින් ලබාදුන් අතර, සුවදායි හා පෝෂදායි ආහාර යන තේමාව යටතේ එම ආයතනය වෙතින් විවිධ ප්‍රශ්න අසමින් ඒ සඳහා පිලිතුරු ලබාදුන් අයවෙත ත්‍යාග ප්‍රධානය කරමින් ඉතාමත් සිත් ගන්නාසුළු ආකාරයේ හරවත් වැඩමුළුවක් පවත්වන ලදී. තවද වැඩමුළුව අවසානයේ ඒ සඳහා සහභාගි වු සියළු දෙනා වෙත දිවා ආහාරයද ලබාදෙන ලදී.

    Sinhala
  • ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාව මගින් පාසල් ළමුන් වෙත පාසල් උපකරණ පිරිනමයි.

    ආඥාපති ආසේමු (මධ්‍යම) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබිඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශණි යහම්පත් මැතිනියගේ මගපෙන්වීම මත අම්පාර වලගම්පුර මහා විද්‍යාලයේ ළමුන් 21 දෙනෙකු වෙත ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගැනීම සඳහා සේවාවනිතා ශාඛාව වෙතින් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ සත්කාරක වැඩසටහනක් 2024.11.01 වන දින රෙජිමේන්තු දේශන ශාලාවේදී සිදුකරන ලදී.

    Sinhala
  • රණවිරු දිරියට සේවාවනිතාවෙන් අත්වැලක්

    ආඥාපති ආසේමු (මධ්‍යම) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබිඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත අර්ධ නිවාස ආධාර ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් පවතී.

    Sinhala
  • රණවිරු දිරියට සේවාවනිතාවෙන් අත්වැලක්

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත 2024.07.06 වන දින රෙම ශ්‍රීලපාහ රණවිරු අර්ධ නිවාස වැඩසටහන ආරම්භ කරන ලදි.

    Sinhala
  • රණවිරු දූදරුවන් වෙත සේවාවනිතා ශිෂ්‍යාධාර

    පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සංකල්පයක් මත සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි උත්පලා හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත රණවිරු දූදරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2023.10.14 වන දින රෙජිමේන්තු ශ්‍රවනාගාරයේදී සිදුකරන ලදී.

    Sinhala
  • සේවාවනිතා ශාඛාවෙන් සමුගත් හිටපු සභාපතිතුමිය හා ලේකම්තුමිය

    ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාව වෙනුවෙන් රණවිරුවන්ගේ සුබසාධන කටයුතු ඉහළ මට්ටමකට ගෙනඒම සඳහා සුවිශාල කාර්යභාරයක් සිදුකරන ලද සේවාවනිතා ශාඛාවේ 11 වැනි ගරු සභාපතිනිය ලෙස කටයුතු කළ ධනූෂා වීරසූරිය මහත්මිය වෙත හා රණවිරු සුබසාධන ව්‍යාපෘති සඳහා තම දායකත්වය හා උපදෙස් ලබාදෙමින් සේවාවනිතා ශාඛාව වෙත අගනා සේවයක් ඉටුකළ ප්‍රියංකා පීරිස් හිටපු ලේකම්තුමිය වෙත කෘතවේදීත්වය පිරිනැමීම වෙනුවෙන් සංවිධානය කළ සමුගැනීමේ සන්ධ්‍යා සුහද හමුවක් පවත්වන ලදී.

    Sinhala
  • රෙම ශ්‍රීලපාහට අයත් සෙසුනිලයින්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ දුදරුවන් හට පාසැල් අභ්‍යාස පොත් හා උපකරණ ප්‍රධානය කිරීම

    <p align='justify'>යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන ධනූෂා වීරසූරිය මහත්මියගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ රෙජිමේන්තු මධ්‍යස්ථානය හා සියළුම ඒකකයන් නියෝජනය වන පරිදි සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන්ගේ දුවාදරුවන් හට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට පිටුවහලක් වෙමින් අත්‍යවශ්‍ය පසැල් අභ්‍යාස පොත් හා උපකරණ බෙදාදීමේ උත්සවයක් 2023.02.25 වන දින 0900 පැයට සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් රෙම ශ්‍රීලපාහ දේශණ ශාලාවේදී පවත්වන ලදි. එම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඇතුලු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගී වන ලදි.</p>

    Sinhala
  • ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ 11 වන ගරු සභාපතිනිය වශයෙන් රාජකාරී භාරගැනීම

    ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ 11 වන ගරු සභාපතිනිය වශයෙන් අභිනවයෙන් පත්වූ ධනූෂා වීරසූරිය මහත්මිය 2022.12.03 වන දින 1032 පැයට යෙදුන සුභ මොහොතින් ශ්‍රිලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති ධූරයේ රාජකාරී ආරම්භ කරන ලද අතර, එහිදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය වන ධනූෂා වීරසූරිය මහත්මියගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් රෙජිමූබ ශ්‍රීලපාහ ඒකකයට අයත් රණක්‍ෂිතයටපත් සෙ/321943 සැරයන් වික්‍රමසිංහ ඩබ්ලිව්එම්එස්පී හා සෙ/320194 කෝප්‍රල් සෙනවිරත්න බීජීඑම් යන රණවිරුවන් දෙදෙනා හට රෝදපුටුවක් සහ අත්වාරු යුවලක් පරිත්‍යාග කරන ලදි. එම අවස්ථාව සදහා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වන ලදි.

    Sinhala