05th November 2024 22:11:42 Hours
ආඥාපති ආසේමු (මධ්‍යම) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබිඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශණි යහම්පත් මැතිනියගේ මගපෙන්වීම මත අම්පාර වලගම්පුර මහා විද්‍යාලයේ ළමුන් 21 දෙනෙකු වෙත ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගැනීම සඳහා සේවාවනිතා ශාඛාව වෙතින් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ සත්කාරක වැඩසටහනක් 2024.11.01 වන දින රෙජිමේන්තු දේශන ශාලාවේදී සිදුකරන ලදී.
හෙට දින අනාගතය භාරගැනීමට සූදානමින් සිටින දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවෙන් සිදුකෙරෙන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් සමාජීය සත්කාරයක් ලෙසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, එම අවස්ථාව සඳහා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය ඇතුළු ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු මාණ්ඩලික නිලධාරීන් හා කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී විය.