28th October 2024 15:39:00 Hours
ආඥාපති ආසේමු (මධ්‍යම) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබිඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත අර්ධ නිවාස ආධාර ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් පවතී.
යුද හමුදා සක්‍රීය සේවයේ යෙදී සිටින තම නිවස ඉදිකර ගැනීමේ කටයුතු අවසන් කර නොමැති රණවිරුවන් වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර, එහි II අධියර යටතේ තෝරාගත් රණවිරුවන් අතුරින් 2 (ස්වේ) ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/17ඩි00505 ලාකෝ නාරසිංහ එන්ඩිසිසි යන රණවිරුවාගේ නිවස සේවා වනිතා ශාඛාවේ මුල්‍යමය දායකත්වයෙන් හා 2 (ස්වේ) ශ්‍රීලපාහ ඒකකයේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරිම් කටයුතු අවසන් කර 2024.10.27 වන දින 0951 පැයට සුභ මොහොතින් පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ වත්මන් ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිණියගේ ප්‍රධානත්වයෙන් විවෘත කල අතර එම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ද රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් සහ ඒකක අණදෙන නිලධාරි ඇතුළු සෙසුනිලයින් මෙම අවස්ථාව සඳහා සහභාගී වන ලදී.