ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේන් සිදුකරනලද මහඟු සත්කාරයක්
ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික සැලැස්මට අනුව හා උපදෙස් පරිදි සිදුකරනු ලබන රෝහල් සංචාරය, ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනිය වන තුෂාරි කුලතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා සෙසු සමාජිකාවන්ගේ සභාගිත්වයෙන් වර්ෂ 2019 වු පෙබරවාරි මස 23 වන දින මුල්ලේරියාව මානසික රෝහලේ වාට්ටු අංක 05 (ඩේලියා) හිදී පවත්වන ලදි. මෙම රෝහල් සංචාරය වෙනුවෙන් එම වාට්ටු සංකිර්ණය සඳහා අත්‍යවශ්‍යව පැවති වාට්ටු දෙපස ඇති උද්‍යාන ප්‍රදේශය දැල් ආවර්ණය යොදා සකස්කිරිම, රු.120,000.00 කට ආසන්න මුදලක් වැය කර සිදුකරන ලද අතර, වාට්ටු අංක 05 හි නේවාසික රෝගින් 50 දෙනෙකු සඳහා ප්‍රනිත දිවා ආහාරයක් ලබා දෙන ලදි.