Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

23rd July 2018 14:40:01 Hours

රෙම ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් සිදුකරනු ලබන තවත් මහගු සත්කාරයක්

ශ්‍රී ලංකා යුද හමුදා ඒකකය වෙතින් වාර්ෂිකව ලබාදෙනු ලබන රෝහල් සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි තුෂාරි කුලතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් දේශයේ භෞමික අඛණ්ඩතාවය, ස්වෛරිභාවය හා සාමය උදාකරලීම උදෙසා කුරිරු ත්‍රස්තවාදීන් සමග සටන් වැද පුර්ණකාලීන ආබාධිත තත්වයට පත් එම රණවිරුවන් දිවි ඇති තුරුවම රැකබලා ගැනිම සඳහා අනුරාධපුර පිහිටි අභිමංසල සුවසහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ගනු ලබන රණවිරුවන් 40 දෙනෙකුගේ සුවදුක් සහ වත්මන් තත්වය පිළිබඳ සොයාබැලිම සඳහා සංචාරයක නිරත වන ලදී.

එම සංචාරය අතුරතුර නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් 40 දෙනෙකු හට ආගමික කටයුතුවල නිරත විම සඳහා සුදු සරමක් හා සුදු කමිසයක් පරිත්‍යාග කරන ලදී. සුවසහ මධ්‍යස්ථානයේ ප්‍රයෝජනය සදහා ඉදිආප්ප පිසින යන්ත්‍ර 02ක්, ලීටර් 3 1/2 ක උණුවතුර බෝතල් 01ක් හා ලීටර් 15ක ජල ධාරිතාවක් බහාලියහැකි ජල බොයිලේරුවක් පරිත්‍යාග කල අතර, එම රණවිරුවන් හට දිවා භෝජන සංග්‍රහයක් ලබාදී ඔවුන් වෙනුවෙන් මොහෙතකට සංගීතයෙන් හා නර්තනයෙන් රසාස්වාදයක් ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සදහා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී තුෂාරි කුලතුංග මැතිණියට අමතරව ගරු ලේඛම් තේජා පෙරේරා මැතිණිය ඇතුලු රෙම ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් රැසක් සහභාගි වන ලදී. මෙම පුණ්‍ය කටයුත්ත සඳහා මගපෙන්වු අප රෙමේන්තු අධිමපති තුමාට මෙන්ම අභිමංසල සුවසහන මධ්‍යස්ථානයේ සේනාවිධායක ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකා පබාල හමුදා සේවා වනිතා ශාඛාවේ ප්‍රණාමය පුද කරමී.