Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

සේවා වනිතා

  • ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව මගින් පවත්වන ලද කාලින ධර්මදේශණය

    ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සහභාපති තුමිය වන ක්‍රිෂානි මුදලිගේ මහත්මියගේ උපදෙස් හා මග පෙන්විම යටතේ ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව මගින් කාලින ධර්මදේශණයක් ශාස්ත්‍රපති අතිපුජ්‍ය මාවරලේ භද්දිය හිමි විසින් සෙබලාගේ ගෘහ ජිවිතය සහ රැකියාව නිසිලෙස හදුනාගෙන එය සාර්ථකව පවත්වාගෙන යාම සදහා ධර්මදේශණයක් 2019.11.08 දින 0900 පැයට නිලධාරින්ගේ සහ සෙසුනිලයින්ගේ නොමසුරු සහයෝගයෙන් රෙම ශ්‍රීලපාහ සෙසුනිල භෝජනාගාර ශාලාවේදි පවත්වන ලද අතර මෙම අවස්ථාව සදහා සේවා වනිතා ශාඛාවේ හිටපු සභාපතිනියක් වන ධනංජනි කරුණාසේකර මහත්මිය ඇතුළු හිටපු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්/ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක ලුතිතන් කර් නල් ජේකේආර් පි ජයසිංහ ආර් එස්පි යුඑස්පි ශ්‍රීලපාහ, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයින් 1000 කට ආසන්න ප්‍රමාණයක් සහ දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථානගතව සේවය කරනු ලබන සියළුම ශ්‍රීලපාහ ඒකකයන්ට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් සහ නිලධාරින්ගේ බිරින්දෑ වරුන් ඇතුළු ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ සම්බන්ධිකරණ නිලධාරි මේජර් අයිඒඑල් ඉලේපෙරුම ආර් ඩබ්ලිව්පි ආර් එස්පි ශ්‍රීලපාහ සහ සෙසු සාමාජිකයින් පිරිසක්ද මෙම අවස්ථාව සදහා සහභාගි වන ලදී.

    Sinhala
  • ශ්‍රීලපාහ සේවා වනිතා සුහද හමුව

    ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන ක්‍රීෂානි මුදලිගේ මහත්මියගේ උපදෙස් හා මගපෙන්විම යටතේ රෙම ශ්‍රීලපාහට අයත් මිය ගිය/ විශ්‍රාමික සහ දැනට සේවයේ නියතු ජ්‍යෙෂ්ඨ නිලධාරි/ නිලධාරින්ගේ බිරින්දෑවරුන් වෙනුවෙන් 2019.10.20 වන දින 1015 පැයට රෙම ශ්‍රීලපාහ නිලධාරි නිවස්නයේදි අති උත්කර් ෂවත් අන්දමින් සුහද හමුවක් පවත්වන ලද අතර එම අවස්ථාව සදහා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ හිටපු ගරු සභාපතිනියන් වන සෝනියා කොට්ටේගොඩ මහත්මිය, දමයන්ති රත්නායක මහත්මිය, ශාරි මල්ලවආරච්චි මහත්මිය, ධනන්ජනි කරුණාසේකර මහත්මිය සහ තුෂාරි කුලතුංග මහත්මිය සහභාගි වු බැවින් එතුමියන්ගේ වටිනා සේවය ඇගයිමක් වශයෙන් ගරු සභාපති තුමිය විසින් සමරු තිළිණද ප්‍රධානය කරන ලදී. ත

    Sinhala
  • ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලබන තවත් ප්‍රජාසත්කාරයක්

    ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලබන ප්‍රජාසත්කාර වැඩ සටහන් අතුරින් තවත් එක් දිගුවක් 2019.10.17 වන දින ක්‍රියාවට නන්වන ලදී. ඒ අනුව ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන ක්‍රිෂානි මුදලිගේ මැතිණියගේ උපදෙස් සහ මග පෙන්විම යටතේ සේවා වනිතා ශාඛාවේ මුල්‍යමය දායකත්වයෙන් සහ 4 ශ්‍රීලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වය ඇතිව සේවා වනිතා ශාඛාව වෙතින් රු. 1,000,000.00 ක මුදලක් වැය කර අංක 76/2 රණවක තෝරයාය ප්‍රදේශයේ පදිංචි සෙ/314797 කෝප්‍රල් පුෂ්ප කුමාර අයිඑම්ආර් (මියගිය) යන කොනොනිගේ ලගම ඥාතියා වෙනුවෙන් ඉදිකිරිමට නියමිත නව නවසේ වැඩ කටයුතු ආරම්භ කිරිම සදහා ගරු සභාපති තුමියගේ ප්‍රධානත්වයෙන් 2019.10.17 වන දින 1036 පැයට යෙදි තිබු සුභ මොහොතින් නිවසේ මුල්ගල තැබිමේ කටයුත්ත සිදුකරන ලදී. එම උත්සව අවස්ථාව සදහා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක්, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු ම්‍යධස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, 4 ශ්‍රිලපාහ ඒකකයේ අණදෙන නිලධාරි මේජර් අයිආර් හේවාපතිරණ ආර්එස්පි පිඑස්සි ශ්‍රීලපාහ, රෙම ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ සම්බන්ධිකරණ නිලධාරි මේජර් අයිඒඑල් ඉලේපෙරුම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ශ්‍රීලපාහ යන නිලධාරි සහ සෙසු සාමාජික පිරිසක්ද මෙම අවස්ථාව සදහා සහභාගි වන ලදී.

    Sinhala
  • ලෝක ළමා දිනය සැමරු ශ්‍රිලපාහ සේවා වනිතා ශාඛාව

    ශ්‍රි ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන ක්‍රිෂානි මුදලිගේ මහත්මියගේ උපදෙස් සහ මගපෙන්විම යටතේ ලෝක ළමා දිනයට සමගාමිව නඩුහේන මීගොට ප්‍රදේශයේ පිහිටි මහාබෝධි බාලිකා ළමා සංවර් ධන මධ්‍යස්ථානයේ ළමුන් 15ක් සහ කාර්ය මණ්ඩලයේ 04 දෙනෙක් සදහා රු. 13703.00 ක මුදලක් වැයකර සවස තේ පැන් සංග්‍රහයක්, රාත්‍රි ආහාර වේලක් සහ සනිපාරක්‍ෂක භාණ්ඩ පරිත්‍යාගයක් සිදුකරන ලද අතර මෙම අවස්ථාව සදහා ශ්‍රිලපාහ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් ඇතළු සේවා වනිතා ශාඛාවේ සම්බන්ධිකරණ නිලධාරි සහ සාමාජිකයින් පිරිසක්ද සහභාගි වන ලදී.

    Sinhala
  • ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ විරු කැකුළු පෙර පාසලේ නිරික්‍ෂණ චාරිකාව - පනොගොඩ

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරයේ තුන්වන අදියර ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) යටතේ ස්ථාපිත ඒකකයන්හි 2019 සැප්තැම්බර් මස 22 වන දින ආරම්භ කරන ලදී.

    Sinhala
  • ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවා වනිතා ශාඛාවෙන් නික්ම යන ගරු සභාපතිනි තුෂාරි කුලතුංග මැතිණිය

    ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය වශයෙන් වසර 1 1/2 ක පමණ කාලයක් පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙත අනගි සේවයක් ඉටුකර 2019.07.05 වන දින සේවා වනිතා ශාඛාවෙන් නික්ම යන තුෂාරි කුලතුංග මැතිණිය හා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන තේජා පෙරේරා මැතිණිය හට සමුදීමේ සුහද හමුවක් 2019.07.20 වන දින වත්මන් සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය වන ක්‍රිෂානි මුදලිගේ මැතිණිය සහ සාමාජිකාවන් විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරි නිවස්නයේදී පවත්වන ලදී.

    Sinhala
  • සේවා වනිතා ශාඛාවේ නව සභාපති තුමිය තම ධුරයේ වැඩ භාර ගැනිම

    ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන තුෂාරි කුලතුංග මැතිණිය තම ධුරයේ වසර 1 1/2 කට ආසන්න කාලයක් රාජකාරි කරනු ලැබු අතර එතුමිය සිය ධුරයෙන් සමුගැනිමෙන් පසු එම තනතුර සදහා 2019.07.05 වන දින ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ 6 වන ගරු සභාපති තුමිය වශයෙන් ක්‍රිෂානි මුදලිගේ මැතිණිය පත්වු අතර එම මැතිණිය විසින් 2019.07.11 වන දින 1143 පැයට යෙදුන සුභ මොහොතින් රෙම ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති ධුරයේ වැඩ භාරගන්නා ලදී.

    Sinhala
  • ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලබන ප්‍රජාසත්කාර වැඩසටහන් අතුරින් තවත් එක් දිගුවක්

    ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලබන ප්‍රජාසත්කාර වැඩසටහන් අතුරින් තවත් එක් දිගුවක් අද දින ක්‍රීයාවට නංවන ලදී. ඒ අනුව ශ්‍රීලපාහ සේවා විනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන තුෂාරි කුලතුංග මැතිණියගේ උපදෙස් සහ මග පෙන්විම යටතේ සේවා වනිතා ශාඛාව වෙතින් රු. 939732.00 ක මුදලක් වැයකර 23 ශ්‍රීලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වය ඇතිව මොරගහමඩ, කුඹුල්ඔලුව, ඉඹුල්ගොඩ, මාතලේ ප්‍රදේශයේ පදිංචි සෙ/331992 සාසෙ ඉෂාර කේඩීඑස් යන සෙනිගේ අඩක් නිමකර ඇති නිවසේ ඉතිරි වැඩ කටයුතු නිමකරන ලදී.

    Sinhala
  • ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ තවත් ප්‍රජා සත්කාරයක්

    ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව මගින් දියත්කරනු ලබන ප්‍රජා සත්කාර වැඩසටහන් අතුරින් තවත් එක් දිගුවක් අද දින ක්‍රියාවට නංවන ලදි. ඒ අනුව ශ්‍රිලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනිය වන තුෂාරි කුලතුංග මහත්මියගේ උපදෙස් හා මග‍පෙන්වීම යටතේ ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් මුල්ලේරියාව මානසික රෝහලේ සංචාරයක් සිදුකරන ලදි. එහිදී නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් 450 දෙනෙක් සදහා අද දින (2019.06.29) උදෑසන 1030 පැයට කෙටි ආහාර සමගින් තේපැන් සංග්‍රහයක් ලබාදෙන ලදි.

    Sinhala
  • ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් සිදුකරනු ලබන තවත් මහගු සත්කාරයක්

    ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකය වෙතින් වාර්ෂිකව වෙන්කරනු ලබන රෝහල් සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි තුෂාරි කුලතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපතිතුමන් වන මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩිසී පීඑස්සී, 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩිසී, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩිඒකේ දිසානයක ඩබ්ලිව්ඩබ්ලිවිවී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලරින් ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු ලේකම් තුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් මෙන්ම ප්‍රවින රංගන ශිල්පීනි මාලනි ෆොන්සේකා, සචිනි අයෙන්ද්‍ර, වත්සලා දියලගොඩ, උදාරි පෙරේරා, රංගන ශීල්පී රොෂාන් රණවන ඇතුළු කලාකරුවන් හා ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් දේශයේ භෞමික අඛණ්ඩතාවය, ස්වෛරිභාවය හා සාමය උදාකරලීම උදෙසා කුරිරු ත්‍රස්තවාදීන් සමග සටන් වැද පුර්ණකාලීන ආබාධිත තත්වයට පත් එම රණවිරුවන් දිවි ඇති තුරුවම රැකබලා ගැනිම සඳහා අනුරාධපුර පිහිටි අභිමංසල සුවසහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ගනු ලබන රණක්ෂිතයටපත් රණවිරුවන්ගේ සුවදුක් සහ වත්මන් තත්වය පිළිබඳ සොයාබැලිම සඳහා 2019 ජුනි මස 02 වන දින සංචාරයක නිරත වන ලදී.

    Sinhala