Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

13th November 2019 10:19:26 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව මගින් පවත්වන ලද කාලින ධර්මදේශණය

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සහභාපති තුමිය වන ක්‍රිෂානි මුදලිගේ මහත්මියගේ උපදෙස් හා මග පෙන්විම යටතේ ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව මගින් කාලින ධර්මදේශණයක් ශාස්ත්‍රපති අතිපුජ්‍ය මාවරලේ භද්දිය හිමි විසින් සෙබලාගේ ගෘහ ජිවිතය සහ රැකියාව නිසිලෙස හදුනාගෙන එය සාර්ථකව පවත්වාගෙන යාම සදහා ධර්මදේශණයක් 2019.11.08 දින 0900 පැයට නිලධාරින්ගේ සහ සෙසුනිලයින්ගේ නොමසුරු සහයෝගයෙන් රෙම ශ්‍රීලපාහ සෙසුනිල භෝජනාගාර ශාලාවේදි පවත්වන ලද අතර මෙම අවස්ථාව සදහා සේවා වනිතා ශාඛාවේ හිටපු සභාපතිනියක් වන ධනංජනි කරුණාසේකර මහත්මිය ඇතුළු හිටපු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්/ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක ලුතිතන් කර් නල් ජේකේආර් පි ජයසිංහ ආර් එස්පි යුඑස්පි ශ්‍රීලපාහ, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයින් 1000 කට ආසන්න ප්‍රමාණයක් සහ දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථානගතව සේවය කරනු ලබන සියළුම ශ්‍රීලපාහ ඒකකයන්ට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් සහ නිලධාරින්ගේ බිරින්දෑ වරුන් ඇතුළු ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ සම්බන්ධිකරණ නිලධාරි මේජර් අයිඒඑල් ඉලේපෙරුම ආර් ඩබ්ලිව්පි ආර් එස්පි ශ්‍රීලපාහ සහ සෙසු සාමාජිකයින් පිරිසක්ද මෙම අවස්ථාව සදහා සහභාගි වන ලදී.