Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

16th October 2019 11:09:21 Hours

ලෝක ළමා දිනය සැමරු ශ්‍රිලපාහ සේවා වනිතා ශාඛාව

ශ්‍රි ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන ක්‍රිෂානි මුදලිගේ මහත්මියගේ උපදෙස් සහ මගපෙන්විම යටතේ ලෝක ළමා දිනයට සමගාමිව නඩුහේන මීගොට ප්‍රදේශයේ පිහිටි මහාබෝධි බාලිකා ළමා සංවර් ධන මධ්‍යස්ථානයේ ළමුන් 15ක් සහ කාර්ය මණ්ඩලයේ 04 දෙනෙක් සදහා රු. 13703.00 ක මුදලක් වැයකර සවස තේ පැන් සංග්‍රහයක්, රාත්‍රි ආහාර වේලක් සහ සනිපාරක්‍ෂක භාණ්ඩ පරිත්‍යාගයක් සිදුකරන ලද අතර මෙම අවස්ථාව සදහා ශ්‍රිලපාහ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් ඇතළු සේවා වනිතා ශාඛාවේ සම්බන්ධිකරණ නිලධාරි සහ සාමාජිකයින් පිරිසක්ද සහභාගි වන ලදී.