Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

01st July 2019 15:41:24 Hours

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලබන ප්‍රජාසත්කාර වැඩසටහන් අතුරින් තවත් එක් දිගුවක්

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලබන ප්‍රජාසත්කාර වැඩසටහන් අතුරින් තවත් එක් දිගුවක් අද දින ක්‍රීයාවට නංවන ලදී. ඒ අනුව ශ්‍රීලපාහ සේවා විනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන තුෂාරි කුලතුංග මැතිණියගේ උපදෙස් සහ මග පෙන්විම යටතේ සේවා වනිතා ශාඛාව වෙතින් රු. 939732.00 ක මුදලක් වැයකර 23 ශ්‍රීලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වය ඇතිව මොරගහමඩ, කුඹුල්ඔලුව, ඉඹුල්ගොඩ, මාතලේ ප්‍රදේශයේ පදිංචි සෙ/331992 සාසෙ ඉෂාර කේඩීඑස් යන සෙනිගේ අඩක් නිමකර ඇති නිවසේ ඉතිරි වැඩ කටයුතු නිමකරන ලදී. එම නිවස ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් 2019.07.01 වන දින සුභ මොහොතින් විවෘත කර තත් සෙනි හට නිවසේ යතුර භාරදෙන ලදී. ඒ සදහා 23 ශ්‍රීලපාහ ඒකකයේ අණදෙන නිලධාරි මේජර් එච්එම්එම්පී හේරත් ආර්එස්පී ශ්‍රීලපාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ රෙම ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ සම්බන්ධිකරණ නිලධාරි වන මේජර් අයිඒඑල් ඉලේපෙරුම ආර්ඩබ්ලිව්පී ආර්එස්පි ශ්‍රීලපාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු සෙසු සාමාජිකයින් පිරිසක්ද සහභාගි වන ලදී.