Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

22nd October 2019 11:57:14 Hours

ශ්‍රීලපාහ සේවා වනිතා සුහද හමුව

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන ක්‍රීෂානි මුදලිගේ මහත්මියගේ උපදෙස් හා මගපෙන්විම යටතේ රෙම ශ්‍රීලපාහට අයත් මිය ගිය/ විශ්‍රාමික සහ දැනට සේවයේ නියතු ජ්‍යෙෂ්ඨ නිලධාරි/ නිලධාරින්ගේ බිරින්දෑවරුන් වෙනුවෙන් 2019.10.20 වන දින 1015 පැයට රෙම ශ්‍රීලපාහ නිලධාරි නිවස්නයේදි අති උත්කර්ෂවත් අන්දමින් සුහද හමුවක් පවත්වන ලද අතර එම අවස්ථාව සදහා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ හිටපු ගරු සභාපතිනියන් වන සෝනියා කොට්ටේගොඩ මහත්මිය, දමයන්ති රත්නායක මහත්මිය, ශාරි මල්ලවආරච්චි මහත්මිය, ධනන්ජනි කරුණාසේකර මහත්මිය සහ තුෂාරි කුලතුංග මහත්මිය සහභාගි වු බැවින් එතුමියන්ගේ වටිනා සේවය ඇගයිමක් වශයෙන් ගරු සභාපති තුමිය විසින් සමරු තිළිණද ප්‍රධානය කරන ලදී. තවද මෙම උත්සව අවස්ථාව සදහා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර් එස්පී, ජ්‍යෙෂ්ට නිලධාරින්, නිලධාරින්, රෙම ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ සම්බන්ධිකරණ නිලධාරි මේජර් අයිඒඑල් ඉලේපෙරුම ආර්ඩබ්ලිව්පී ආර් එස්පි ශ්‍රීලපාහ සහ සෙසු සාමාජිකයින් පරිසක් ද සහභාගි වන ලදී.