Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

03rd June 2019 08:35:45 Hours

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් සිදුකරනු ලබන තවත් මහගු සත්කාරයක්

ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකය වෙතින් වාර්ෂිකව වෙන්කරනු ලබන රෝහල් සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි තුෂාරි කුලතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපතිතුමන් වන මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩිසී පීඑස්සී, 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩිසී, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩිඒකේ දිසානයක ඩබ්ලිව්ඩබ්ලිවිවී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලරින් ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු ලේකම් තුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් මෙන්ම ප්‍රවින රංගන ශිල්පීනි මාලනි ෆොන්සේකා, සචිනි අයෙන්ද්‍ර, වත්සලා දියලගොඩ, උදාරි පෙරේරා, රංගන ශීල්පී රොෂාන් රණවන ඇතුළු කලාකරුවන් හා ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් දේශයේ භෞමික අඛණ්ඩතාවය, ස්වෛරිභාවය හා සාමය උදාකරලීම උදෙසා කුරිරු ත්‍රස්තවාදීන් සමග සටන් වැද පුර්ණකාලීන ආබාධිත තත්වයට පත් එම රණවිරුවන් දිවි ඇති තුරුවම රැකබලා ගැනිම සඳහා අනුරාධපුර පිහිටි අභිමංසල සුවසහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ගනු ලබන රණක්ෂිතයටපත් රණවිරුවන්ගේ සුවදුක් සහ වත්මන් තත්වය පිළිබඳ සොයාබැලිම සඳහා 2019 ජුනි මස 02 වන දින සංචාරයක නිරත වන ලදී.

එම සංචාරය අතුරතුර නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් 39 දෙනෙකු හට අභිමංසල සුවසහන ඹධ්‍යස්ථානයේ ප්‍රයෝජනය සඳහා විදුලි පංකා, ඇද ඇතිරිලි, කොට්ටඋර, බුමුතුරුනු, මේසරෙදි, ජනෙල්රෙදි, විදුලිපහන්, කුණුදමන භාජන, ට්‍රොලි, බිත්ති ඔරලෝසු ඇතුළු නේවාසිකයන්ගේ පරිහරනය සඳහා අවශ්‍ය රුපියල් මිලියනයකට අධික භාන්ඩ විශාල ප්‍රමාණයක් ඔවුන් වෙත ප්‍රධානය කරන ලද අතර, මේ සඳහා පුර්ණ මුල්‍ය දායකත්වය සහ අනුග්‍රහය දක්වන ලද්දේ ඇලරිස් ලංකා සමුහ ව්‍යාපාරයේ අධිපති තරංග ලංකා වීරවර්ධන මහතා විසින් බැව් ගෞරවයෙන් සිහිපත් කලයුතුවේ. එමෙන්ම රණවිරුවන් හට දිවා භෝජන සංග්‍රහයක් ලබාදී ඔවුන් වෙනුවෙන් මොහොතකට සංගීතයෙන් හා නර්තනයෙන් රසාස්වාදයක් ලබා දෙන ලද අතර, විශේෂත්වය වනුයේ රණවිරුවන්ගේ ලගම ඥාතින් හට රුපියල් පන්දහසකට ආසන්න වටිනාකමින් යුත් අංග සම්පුර්ණ වියලි සලාක මල්ලක් මෙහිදි පරිත්‍යාග කිරිම කැපිපෙනුනි.

මෙම පුණ්‍ය කටයුත්ත සඳහා මගපෙන්වු අප රෙමේන්තු අධිපති තුමාට හා මධ්‍යස්ථාන සේනාවිධායක තුමාට, අභිමංසල සුවසහන මධ්‍යස්ථානයේ සේනාවිධායක ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට සහ අනුග්‍රාහකත්වය සහ එම අවස්ථාවට සහභාගීවු සියළුම අයවළුන් හට ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ප්‍රණාමය පුද කරමි.