Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

සේවා වනිතා

  • ශ්‍රිලපාහ සේවාවනිතා ශාඛාවේ මූල්‍යාධාරයෙන් රණවිරුවන් හට නිවාස තනාදීමේ වැඩපිළිවෙලෙහි තවත් එක් අධියරක්

    ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය වන අනූජා ජයවීර මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම් යටතේ 2(සෙව්) ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/ඩී100632 කෝප්‍රල් ආරියවංශ ඩීඑල්ආර් යන කොනොනිගේ නව නිවස ඉදිකිරීම සදහා අනුමත කරන ලද රු:800.000.00 ක මුදලින් දෙවන වාරික මුදල වන රු:300.000.00 ක මුදලට අදාල ප්‍රේශණපතක් සහ 4 ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/315206 ලාකෝ වෛද්‍යරත්න ඩබ්ලිව්එස්එම්පීකේ යන කොනොනිගේ අඩක් නිම කර ඇති නිවසේ ඉතිරි වැඩ කටයුතු සදහා අනුමත කරන ලද රු:500.000.00 ක මුදලින් පලමු වාරික මුදල වන රු:300.000.00 ක මුදලට අදාල ප්‍රේශණපතක් දැනට රට තුල පවතින කොරෝනා වැලැක්වීමේ නීතිරීතීන්ට අනුකූලව 2020.10.16 වන දින රෙම ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ගරු සභාපතිතුමියගේ සුරතින් නිවාස ලාභීන් හට පරිත්‍යාග කරන ලද අතර, එම අවස්ථාව සදහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතුළු සේවාවනිතා ශාඛාවේ සම්බන්ධීකරණ නිලධාරී තුමන් සහභාගී වන ලදී.

    Sinhala
  • ශ්‍රිලපාහ සේවාවනිතා ශාඛාවේ මූල්‍යාධාරයෙන් රණවිරුවන් හට නිවාස තනාදීමේ වැඩපිළිවෙලෙහි තවත් එක් අධියරක්

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මග‍පෙන්වීම යටතේ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනී අනූජා ජයවීර මහත්මියගේ උපදෙස් පරිදි සේවාවනිතා ශාඛාවේද මූල්‍යමය දායකත්වයෙන් 23 ශ්‍රීලපාහ ඒකකයට අයත් එක්දරු පියෙකු වන දැනට පදිංචියට නිවසක් නොමැති ආයුවන්දම වැව අසල, මාස්පොත යන ලිපිනයේ පදිංචි සෙ/326856 කෝප්‍රල් විමලවීර එම්ටීඒපී යන කොනොනිගේ පුද්ගලික මුදලින් රු:200,000.00 ක මුදලක් සහ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාව වෙතින් රු:800,000.00 ක මුදලක් වැයකර 23 ශ්‍රීලපාහ ඒකකයේ පූර්ණ අධීක්‍ෂණය සහ ශ්‍රම දායකත්වයෙන් නව නිවසක් ඉදිකරන ලද අතර, විෂය ගත සෙනීගේ දැඩි ඉල්ලීම මත නව නිවස රෙජිමේන්තු අධිපති තුමන්ගේ සහ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමියගේ සුරතින් 2020.10.14 වන දින 0942 පැයට යෙදුන සුභ මොහොතින් විවෘත කර තත් කොනොනි හට භාරදෙන ලදී. මෙම අවස්ථාව දැනට රටේ පවතින කොරෝනා පැතිරීම වැලැක්වීමේ නීතිරීතීන්ට අනුකූලව රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සහ සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉතා චාම් අයුරින් සිදුවීම විශේෂත්වයකි.

    Sinhala
  • ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලැබු තවත් ප්‍රජාසත්කාරයක්

    ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන අනුජා ජයවීර මහත්මියගේ උපදෙස් හා මග පෙන්වීම් යටතේ ලෝක ළමා දිනයට සමගාමීව නඩුහේන මීගොඩ ප්‍රදේශයේ පිහිටි මහාබෝධි බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් 16 ක් සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සදහා නිරෝධායන නීතිරීති වලට යටත්ව 2020.10.11 වන දින කෙටි ආහාර වේලක් සහ සනීපාරක්‍ෂක භාණඩ පරිත්‍යාගයක් සිදුකරන ලදී. තවද එම අවස්ථාව සදහා ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ සභාපතිතුමිය ඇතුළු ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ සම්බන්ධීකරණ නිලධාරී සහ සෙසු සාමාජිකයන් පිරිසක්ද සහභාගී වන ලදී

    Sinhala
  • ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලැබු තවත් ප්‍රජාසත්කාරයක්

    ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය වන අනූජා ජයවීර මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 2 (සෙව්) ශ්‍රීලපාහ ඒකකටය අයත් පහත නම සදහන් කොනොනි හට නව නිවසක් ඉදිකර ගැනීම සදහා ඔහුගේ පුද්ගලික මුදලින් රු: 200,000.00 ක මුදලක් සහ ගරු සභාපති තුමිය විසින් රු: 800,000.00ක මුදලක් ලබාදීමට එකගතාවය පලකර ඇති බැවින් එම මුදලින් පළමු වාරිකය වශයෙන් රු: 300,000.00 ක මුදලකට අදාල ප්‍රේෂණපතක් 2020.09.14 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ගරු සභාපති තුමියගේ සුරතින් තත් කොනොනී හට පරිත්‍යාග කරන ලද අතර, එම අවස්ථාව සඳහා ශ්‍රීලපාහ මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතුළු සේවා වනිතා ශාඛාවේ සම්බන්ධිකරණ නිලධාරී තුමන් සහභාගී වන ලදි.සෙ/ඩී100632 කෝප්‍රල් ආරියවංශ ඩීඑල්ආර් - 2 (සෙව්) ශ්‍රීලපාහ

    Sinhala
  • ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලැබු තවත් ප්‍රජාසත්කාරයක්

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම යටතේ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනී අනූජා ජයවීර මහත්මියගේ උපදෙස් පරිදි සේවාවනිතා ශාඛාවේ මුල්‍යමය දායකත්වය ඇතිව රෙජිමුබ ශ්‍රීලපාහ ඒකකයට අයත් වවුල්අබේ, පහලවැව, තලකිරියාගම, දඹුල්ල යන ලිපිනයේ පදිංචි සෙ/329893 කෝප්‍රල් දසනායක ආර්ඩීඑඩීඑස් (ආබාධිත) යන කොනොනිගේ පුද්ගලික මුදලින් රු:200,000.00 මුදලක් සහ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාව වෙතින් රු:800,000.00 ක මුදලක් වැයකර රෙජිමුබ ශ්‍රීලපාහ ඒකකයේ පූර්ණ අධීක‍ෂණය යටතේ 5(සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ සහ රෙජිමුබ ශ්‍රීලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වයෙන් නව නිවසක් ඉදිකරන ලදි.

    Sinhala
  • ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලද බෝධිපුජා පිංකම

    ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන අනුජා ජයවීර මහත්මියගේ උපදෙස් හා මගපෙන්විම යටතේ සියළුම ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, සාමාජිකයින් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින්ගේද නොමසුරු දායකත්වය ඇතිව දැනට රෝගාතුරව සිටින රෝසිඇනා ගමගේ මහත්මිය ඇතුළු ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථානය තුල රාජකාරි කරනු ලබන සහ සියළුම ශ්‍රීලපාහ (නිත්‍ය/ ස්වේච්ජා) ඒකකයන්හි රාජකාරි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන්ගේ පවුල්වල මේ වන විට රෝගාතුරව පසුවන සියළුම අයවළුන් හට නිරෝගි සුවය ප්‍රාර්ථනා කර සෙත්පතා 2020.09.06 වන දින සවස 0600 පැයට රෙම ශ්‍රීලපාහ විහාරස්ථාන භූමියේදි බෝධිපුජා පිංකමක් පවත්වන ලදී. මෙම අවස්ථාව සදහා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, සාමාජිකාවන්, ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් විශාල ප්‍රමාණයක් සහභාගි වන ලදී.

    Sinhala
  • ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ හිටපු සභාපති තුමිය හා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවගේ සමුගැනීමේ සාදය

    ශ්‍රිලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය වන අනුජා ජයවීර මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ රෙම ශ්‍රිලපාහ සේවා වනිතා ශාඛාවේ හිටපු ගරු සභාපතිතුමිය වන චායා ගුණරත්න මැතිණිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන සුමිත්‍රා විජේසුන්දර මහත්මිය සමුගැනීම වෙනුවෙන් 2020.08.29 වන දින 1100 පැයට රෙම ශ්‍රිලපාහ නිලධාරි නිවස්නයේදී අති උත්කර්ෂවත් අන්දමින් සමුගැනීමේ සාදයක් පවත්වන ලදි.

    Sinhala
  • ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ තවත් ප්‍රජා සත්කාරයක්

    ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු ස‍භාපති තුමියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 14(සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ රාජකාරී නියුතු නි/9846 ලුතිතන් කේආර්කේටී මලින්ද ශ්‍රීලපාහ යන නිලධාරීගේ බිරිද හට සුසුම්නාවේ ඇතිවූ පි‍ළිකාවක් හේතුවෙන් ශල්‍යකර්මයක් සිදුකිරීමෙන් අනතුරුව ඉනෙන් පහල කොටස අකාර්යක්‍ෂම වී ඇති බවත්, තත් නිලධාරී පත්ව ඇති අසරණ තත්වය පිළිබදව සලකා බලා රු:50,000.00 මුදලකට අදාල ප්‍රේශණපතක් එම නිලධාරී හට සහ 14(සෙව් ශ්‍රීලපාහ ඒකකයට අයත් හදිසි අනතුරකින් මියගිය සෙ/14ඩී01467 සාසෙ ඒකනායක ඊඑම්එස් යන සෙනීගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සහ අනෙකුත් අවශ්‍යතාවයන් වෙනුවෙන් (එක් දරුවෙකු හට රු:25,000.00 ක් බැගින්) රු:50,000.00 ක මුදලක් 2020.08.19 වන දින බැංකු ගතකර ඇති අතර ....

    Sinhala
  • ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ තවත් ප්‍රජා සත්කාරයක්

    V වන අධියර යටතේ රණසේවාඅම විසින් ඉදිකරනු ලබන නව නිවාස ව්‍යාපෘතිය සඳහා මෙම රෙජිම වෙතින් පහත නම් සඳහන් අයවලුන් තෝරා පත්කරගෙන ඇති අතර, එක් නිවසක් ඉදිකිරීම වෙනුවෙන් වැයවන සම්පූර්ණ මුදල රු: 1,500,000.00 ක් බැවින් රණසේවා අම වෙතින් රු: 1,200,000.00 ක්ද ශ්‍රීලපාහ රෙජිමේන්තුව වෙතින් රු: 300,000.00 ක්ද (නිවාස 04 සදහා රු: 1,200,000.00 ක්) ලබාදෙන ලෙස උපදෙස් ලබාදී ඇති අතර, එම මුදලින් රු: 600,000.00 ක මුදලක් රෙආස රෙම ශ්‍රීලපාහ වෙතින් සහ ඉතිරි රු: 600,000.00 ක මුදල සේවා වනිතා ශාඛාව වෙතින් ලබාදීම සඳහා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය විසින් උපදෙස් ලබාදීමෙන් පසු අදාල නිවාස ලාභින් 04 දෙනා හට (එක් අයෙකුට 150,000.00 ක් බැගින්) රු: 600,000.00 ක මුදලට අදාල ප්‍රේෂණපත් 2020.08.20 වන දින 0930 පැයට ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ගරු සභාපතිතුමිය වන අනුජා ජයවීර මහත්මියගේ සුරතින් පරිත්‍යාග කරන ලදි. තවද, එම අවස්ථාව සඳහා රෙම ශ්‍රීලපාහ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ජේකේආර්පි ජයසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ සේවා වනිතා ශාඛාවේ සම්බන්ධිකරණ නිලධාරී ඇතුළු සෙසු සාමාජිකයින් පිරිසක්ද සහභාගී වන ලදි.

    Sinhala
  • ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ ප්‍රධානත්වයෙන් 2020 වර්ෂයේ පැවති ප්‍රථම මහසභා රැස්විම

    ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ ප්‍රධානත්වයෙන් 2020 වර්ෂයේ ප්‍රථම මහසභා රැස්විම 2020.08.10 වන දින රෙම ශ්‍රීලපාහ නිලධාරි නිවස්නයේදී පවත්වන ලදී. එහිදි මියගිය/ රණක්‍ෂිතයට පත් සහ සේවයේ යෙදි සිටින නිලධාරි/ සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන්ගේ පවුල් වල ලගම ඥාතින් වෙනුවෙන් ඉදිරියේදි සුභසාධන කටයුතු සිදු කිරිම සබැදිව විශේෂයෙන් සාකච්ජා කල අතර රණවිරු සුභසාධන කටයුතු වෙනුවෙන් ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ අරමුදල වර්ධනය කර ගැනිම සදහා මුදල් එක්රැස් කර ගැනිමේ ක්‍රමවේදයන් පිළිබදවද සාකච්ජා කරන ලදී.

    Sinhala