Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

07th November 2020 07:01:28 Hours

ශ්‍රිලපාහ සේවාවනිතා ශාඛාවේ මූල්‍යාධාරයෙන් රණවිරුවන් හට නිවාස තනාදීමේ වැඩපිළිවෙලෙහි තවත් එක් අධියරක්

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මගපෙන්වීම යටතේ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි අනුජා ජයවීර මහත්මියගේ උපදෙස් පරිදි සේවාවනිතා ශාඛාවේ මූල්‍යමය දායකත්වයෙන් 11 ශ්‍රීලපාහ ඒකකයට අයත් තිදරු පියෙකු වන දැනට පදිංචියට නිවසක් නොමැති අක්කර 40, 12 කණුව, බඩල්කුඹුර යන ලිපිනයේ පදිංචි සෙ/329512 ලාකෝ වීරසේකර එස්ටීඑස් යන කොනොනිගේ පුද්ගලික මුදලින් රු:200000.00 මුදලක් සහ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාව වෙතින් රු:800000.00 ක මුදලක් වැයකර 11ශ්‍රීලපාහ ඒකකයේ පූර්ණ අධීක්‍ෂණය සහ ශ්‍රම දායකත්වයෙන් නව නිවසක් ඉදිකරන ලද අතර, විෂයගත කොනොනිගේ දැඩි ඉල්ලීම මත නව නිවස රෙජිමේන්තු අධිපති තුමන්ගේ සහ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමියගේ සුරතින් 2020.10.19 වන දින 1115 පැයට යෙදුනු සුභ මොහොතින් විවෘත කර තත් කොනොනි හට භාරදෙන ලදී. මෙම අවස්ථාව දැනට රටේ පවතින කොරෝනා පැතිරීම වැලැක්වීමේ නීතිරීතීන්ට අනුකූලව රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිග්‍රේඩියර් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිවවී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සහ සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉතා චාම් අයුරින් සිදුවීම විශේෂත්වයකි.