Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

30th August 2020 14:52:43 Hours

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ හිටපු සභාපති තුමිය හා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවගේ සමුගැනීමේ සාදය

ශ්‍රිලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය වන අනුජා ජයවීර මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ රෙම ශ්‍රිලපාහ සේවා වනිතා ශාඛාවේ හිටපු ගරු සභාපතිතුමිය වන චායා ගුණරත්න මැතිණිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන සුමිත්‍රා විජේසුන්දර මහත්මිය සමුගැනීම වෙනුවෙන් 2020.08.29 වන දින 1100 පැයට රෙම ශ්‍රිලපාහ නිලධාරි නිවස්නයේදී අති උත්කර්ෂවත් අන්දමින් සමුගැනීමේ සාදයක් පවත්වන ලදි. එම අවස්ථාව සදහා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණිය වන අනූජා ජයවීර මහත්මිය, ගරු උපසාභාපති තුමිය වන සුජීවා ශ්‍රීමති ආබෘෘ මහත්මිය සහ ගරු ලේඛම් තුමිය වන ශිරෝමලා කොඩිතුවක්කු මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් සහභාගී වන ලදි. තවද මෙම ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ සම්බන්ධිකරන නිලධාරී ඇතුළු නිලධාරි පිරිසක් සහ සෙසු සාමාජිකයින් පිරිසක්ද සහභාගී වන ලදි.