Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

12th October 2020 13:11:26 Hours

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලැබු තවත් ප්‍රජාසත්කාරයක්

ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන අනුජා ජයවීර මහත්මියගේ උපදෙස් හා මග පෙන්වීම් යටතේ ලෝක ළමා දිනයට සමගාමීව නඩුහේන මීගොඩ ප්‍රදේශයේ පිහිටි මහාබෝධි බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් 16 ක් සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සදහා නිරෝධායන නීතිරීති වලට යටත්ව 2020.10.11 වන දින කෙටි ආහාර වේලක් සහ සනීපාරක්‍ෂක භාණඩ පරිත්‍යාගයක් සිදුකරන ලදී. තවද එම අවස්ථාව සදහා ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ සභාපතිතුමිය ඇතුළු ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ සම්බන්ධීකරණ නිලධාරී සහ සෙසු සාමාජිකයන් පිරිසක්ද සහභාගී වන ලදී