Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

සේවා වනිතා

  • ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ 11 වන ගරු සභාපතිනිය වශයෙන් රාජකාරී භාරගැනීම

    ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ 11 වන ගරු සභාපතිනිය වශයෙන් අභිනවයෙන් පත්වූ ධනූෂා වීරසූරිය මහත්මිය 2022.12.03 වන දින 1032 පැයට යෙදුන සුභ මොහොතින් ශ්‍රිලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති ධූරයේ රාජකාරී ආරම්භ කරන ලද අතර, එහිදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය වන ධනූෂා වීරසූරිය මහත්මියගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් රෙජිමූබ ශ්‍රීලපාහ ඒකකයට අයත් රණක්‍ෂිතයටපත් සෙ/321943 සැරයන් වික්‍රමසිංහ ඩබ්ලිව්එම්එස්පී හා සෙ/320194 කෝප්‍රල් සෙනවිරත්න බීජීඑම් යන රණවිරුවන් දෙදෙනා හට රෝදපුටුවක් සහ අත්වාරු යුවලක් පරිත්‍යාග කරන ලදි. එම අවස්ථාව සදහා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වන ලදි.

    Sinhala
  • වාර්ෂික රෝහල් සංචාරය සිදුකිරීම

    යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය වන ශිරෝමාලා කොඩිතුවක්කු මහත්මියගේ මගපෙන්වීම යටතේ 2022.10.21 වන දින මිහිදු සෙත් මැදුර අත්තිඩිය රෝහලේ සංචාරයක් සිදුකරන ලදී. එහිදී රෝගීන් වෙනුවෙන් කෙටි ආහාර සමගින් තේ පැන් සංග්‍රහයක් සහ නේවාසික රෝගීන් හට අවශ්‍ය සනීපාරක්‍ෂක උපකරණ හා ප්‍රථමාධාර කට්ටල පරිත්‍යාගයක්ද සිදුකල අතර, නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් දිරිමත් කිරීම වෙනුවෙන් කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් සංගීත රසාස්වාදය ලබාදෙන ලද අතර, රෝහල් සංචාරය සදහා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය ඇතුළු ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදි.

    Sinhala
  • සේවා වනිතා ශාඛාව වෙතින් වෙසක් පොහොය දිනට සමගාමීව පැවැත්වු ධර්ම දේශනාව

    ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව මගින් වෙසක් පොහොය දිනට සමගාමීව ධර්ම දේශණා වැඩසටහනක් පවත්වන ලදී. එය තිස් වසරක කුරිරු යුද්ධය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබාදී මියගිය වීරෝධාර රණවිරුවන් හට නිවන්සුව ප්‍රාර්ථනා කිරීමටත්, රණබිමේදි රණක්‍ෂිතයට පත්ව මේවන විට නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත්, දැනට රාජකාරියේ නියුතු සියළුම නිලධාරි/ සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට නිරෝගී සූවය ප්‍රාර්ථනා කර සෙත් පැතිමේ අරමුණු පෙරදැරි කරගෙන සිකදුකරන ලදී

    Sinhala
  • රණක්‍ෂිතයට පත්ව පාද අහිමි වූ වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් කෘත්‍රිම පාද ලබාදීම

    තිස් වසරක කුරිරු යුද්ධය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දී රණක්‍ෂිතයට පත්ව පාද අහිමි වන ලද වීරෝධාර රණවිරුවන් 40 දෙනෙකු වෙනුවෙන් රු. 4,450,000.00 ක වටිනාකමින් යුත් කෘත්‍රිම පාද ලබාදීමේ වැඩසටහනක් 2022.05.07 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙම වැඩ සටහන් මාලාව පාබල හමුදා සේවා වනිතා ශාඛාව හා රෙජිමේන්තු මූලස්ථාන බළඇණිය සම්බන්ධීකරණයෙන් සිදුකරන ලද අතර ඊට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී සහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී ශිරෝමාලා කොඩිතුවක්කු මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ම

    Sinhala
  • සේවාවනිතා ශාඛාව වෙතින් ක්‍රියාත්මක කරන ලද තවත් මහගු සත්කාරයක්

    යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමන්ගේ සංකල්පයක් මත සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමියගේ මඟපෙන්වීම යටතේ ‍මෙම සේවා වනිතා ශාඛාව වෙතින් පවත්වාගෙන යනු ලබන ගැලන්ට් බේකරි ආයතනයේ, ගැලන්ට් යෝගට් ව්‍යාපෘතියේ, ගැලන්ට් පානීය ජල බෝතල් ව්‍යාපෘතියේ සහ මෙම රෙජිම රාජකාරී කරනු ලබන සියළුම සිවිල් සේවක මහතුන් හට එළබෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් අවුරුදු ත්‍යාග ප්‍රධානය කිරීම ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් 2022.04.11 වන දින 1000 පැයට මෙම රෙජිම දේශණ ශාලාවේදී පවත්වන ලදි. ඒ සඳහා සේවාවනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ න සාමාජිකාවන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු ජ්‍යේෂ්ඨ න නිලධාරීන් සහභාගීවූ අතර, එම අවුරුදු ත්‍යාග ප්‍රධානය කිරීම දැනට රට තුල පවතින කොවිඩ් 19 වසංගත තත්වය මත පනවා ඇති සෞඛ්‍ය නීති රෙගුලාසීන්ට අනුකූලව ඉතා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

    Sinhala
  • බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීම හා හදුනාගැනීම සබැඳිව වැඩමුළුවක් පැවැත්වීම

    යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමන්ගේ සංකල්පයක් මත සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනියගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා රෝහල නාරාහේන්පිට ස්ථාපිත “නිරෝගී හමුදාවක් නිරෝගී දැයක්ˮ සම්බන්ධීකරණ කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් හා සාමාජිකාවන් වෙනුවෙන් බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීම හා හදුනාගැනීම සබැඳිව වැඩමුළුවක් 2022.02.16 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශණ ශාලාවේදී පවත්වන ලදි. ඒ අනුව තම ජීවිතය මනා සෞඛ්‍ය තත්වයක් පවත්වා ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම ස‍ඳහා නොමද පිටුවහලක් වනු ඇතැයි නොඅනුමානය. අදාළ වැඩමුළුව දැනට රට තුල පවතින කොවිඩ් 19 වසංගත තත්වය මත පනවා ඇති සෞඛ්‍ය නීති රෙගුලාසීන්ට අනුකූලව ඉතා චාම් අන්දමින් පවත්වන ලදී.

    Sinhala
  • 2022 වර්ෂයේ ප්‍රථම මහසභා රැස්වීම පැවැත්වීම

    ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී ශිරෝමාලා කොඩිතුවක්කු මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2022 වර්ෂයේ ප්‍රථම මහසභා රැස්වීම 2022.01.23 වන දින 1500 පැයට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නයේදී පවත්වන ලදි. ඒ සඳහා සේවා වනිතා ශාඛාවේ ගරු උප සභාපතිනිය, ගරු ලේකම් තුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ සාමාජිකාවන් සහභාගීවූ අතර, අදාළ මහසභා රැස්වීම දැනට රට තුල පවතින කොවිඩ් 19 වසංගත තත්වය මත පනවා ඇති සෞඛ්‍ය නීති රෙගුලාසීන්ට අනුකූලව ඉතා චාම් අන්දමින් පවත්වන ලදී..........

    Sinhala
  • රෙජිමූබ ශ්‍රීලපාහ ඒකකයට අයත් ආබාධිත රණවිරුවෙකු හට නව නිවසක් ඉදිකරදීම.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සම්බන්ධීකරණයෙන් ධානපතිණියක වන සී ගුණතිලක මහත්මියගේ සහ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමියගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සේවාවනිතා ශාඛාවේ මූල්‍යමය දායකත්වයෙන් රෙජිමූබ ශ්‍රීලපාහ ඒකකයේ ශ්‍රමදායකත්වය ඇතිව ගාල්ල උඩුගම ප්‍රදේශයේ පදිංචි රෙජිමූබ ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/314506 බනි I සම්පත් එන්ඩීසී (ආබාධිත) යන බළලත් නිලධාරී වෙනුවෙන් ඉදිකරන ලද නව නිවස යුහ සේවාවනිතා ඒකකයේ උපදෙස් මත සී ගුණතිලක මහත්මියගේ සහ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිණියගේ සුරතින් 2021.12.12 වන දින 1115 පැයට යෙදී .....

    Sinhala
  • ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලැබු තවත් ප්‍රජාසත්කාරයක්

    ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලබන ප්‍රජාසත්කාර වැඩසටහන් අතුරින් තවත් එක් දිගුවක් අද දින ක්‍රියාවට නංවන ලදි. ඒ අනුව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමන්ගේ උපදෙස් පරිදි සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමියගේ මඟපෙන්වීම යටතේ සේවාවනිතා ශාඛාවේ මූල්‍යමය දායකත්වයෙන් සහ 15 ශ්‍රීලපාහ ඒකකයේ ශ්‍රමදායකත්වය ඇතිව සේවාවනිතා ශාඛාව වෙතින් රු:1,000,000.00 ක මුදලක් වැයකර නො:109/118, අරමංගොඩ, හේනේගම, වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි 15 ශ්‍රීලපාහ ඒකකයට අය........

    Sinhala
  • ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් නව අවන්හලක් විවෘත කිරීම

    යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමාගේ උපදෙස් මත සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමියගේ මඟපෙන්වීම යටතේ ශ්‍රීලපාහ ගැලන්ට් බේකරි ආයතනයට අයත් පිටිපන පිහිටි අවන්හල තුල නවතමයෙන් ඉදිකරන ලද කොත්තු සහ ආප්ප අවන්හල 2021.10.24 වන දින පස්වරු 1700 පැයට යෙදුන සුභ මොහොතේදී සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමියගේ සුරතින් විවෘත කරන ලදි.........

    Sinhala