Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

21st February 2022 20:13:16 Hours

බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීම හා හදුනාගැනීම සබැඳිව වැඩමුළුවක් පැවැත්වීම

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමන්ගේ සංකල්පයක් මත සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනියගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා රෝහල නාරාහේන්පිට ස්ථාපිත “නිරෝගී හමුදාවක් නිරෝගී දැයක්ˮ සම්බන්ධීකරණ කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් හා සාමාජිකාවන් වෙනුවෙන් බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීම හා හදුනාගැනීම සබැඳිව වැඩමුළුවක් 2022.02.16 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශණ ශාලාවේදී පවත්වන ලදි. ඒ අනුව තම ජීවිතය මනා සෞඛ්‍ය තත්වයක් පවත්වා ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම ස‍ඳහා නොමද පිටුවහලක් වනු ඇතැයි නොඅනුමානය. අදාළ වැඩමුළුව දැනට රට තුල පවතින කොවිඩ් 19 වසංගත තත්වය මත පනවා ඇති සෞඛ්‍ය නීති රෙගුලාසීන්ට අනුකූලව ඉතා චාම් අන්දමින් පවත්වන ලදී.