Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

01st January 2022 21:25:10 Hours

රෙජිමූබ ශ්‍රීලපාහ ඒකකයට අයත් ආබාධිත රණවිරුවෙකු හට නව නිවසක් ඉදිකරදීම.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සම්බන්ධීකරණයෙන් ධානපතිණියක වන සී ගුණතිලක මහත්මියගේ සහ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමියගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සේවාවනිතා ශාඛාවේ මූල්‍යමය දායකත්වයෙන් රෙජිමූබ ශ්‍රීලපාහ ඒකකයේ ශ්‍රමදායකත්වය ඇතිව ගාල්ල උඩුගම ප්‍රදේශයේ පදිංචි රෙජිමූබ ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/314506 බනි I සම්පත් එන්ඩීසී (ආබාධිත) යන බළලත් නිලධාරී වෙනුවෙන් ඉදිකරන ලද නව නිවස යුහ සේවාවනිතා ඒකකයේ උපදෙස් මත සී ගුණතිලක මහත්මියගේ සහ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිණියගේ සුරතින් 2021.12.12 වන දින 1115 පැයට යෙදී තිබූ සුභ මොහොතින් නිවස විවෘත කිරීමේ කටයුත්ත සිදුකරන ලදි. එම අවස්ථාව සඳහා ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගී වූ අතර, දැනට රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත පනවා ඇති සෞඛ්‍ය නීති රෙගුලාසීන්ට අනුකූලව අදාළ කටයුත්ත ඉතා චාම් අන්දමින් සිදු කරන ලදී.