Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

22nd October 2022 11:44:22 Hours

වාර්ෂික රෝහල් සංචාරය සිදුකිරීම

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය වන ශිරෝමාලා කොඩිතුවක්කු මහත්මියගේ මගපෙන්වීම යටතේ 2022.10.21 වන දින මිහිදු සෙත් මැදුර අත්තිඩිය රෝහලේ සංචාරයක් සිදුකරන ලදී. එහිදී රෝගීන් වෙනුවෙන් කෙටි ආහාර සමගින් තේ පැන් සංග්‍රහයක් සහ නේවාසික රෝගීන් හට අවශ්‍ය සනීපාරක්‍ෂක උපකරණ හා ප්‍රථමාධාර කට්ටල පරිත්‍යාගයක්ද සිදුකල අතර, නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් දිරිමත් කිරීම වෙනුවෙන් කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් සංගීත රසාස්වාදය ලබාදෙන ලද අතර, රෝහල් සංචාරය සදහා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය ඇතුළු ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදි.