Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

05th December 2022 12:38:16 Hours

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ 11 වන ගරු සභාපතිනිය වශයෙන් රාජකාරී භාරගැනීම

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ 11 වන ගරු සභාපතිනිය වශයෙන් අභිනවයෙන් පත්වූ ධනූෂා වීරසූරිය මහත්මිය 2022.12.03 වන දින 1032 පැයට යෙදුන සුභ මොහොතින් ශ්‍රිලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති ධූරයේ රාජකාරී ආරම්භ කරන ලද අතර, එහිදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය වන ධනූෂා වීරසූරිය මහත්මියගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් රෙජිමූබ ශ්‍රීලපාහ ඒකකයට අයත් රණක්‍ෂිතයටපත් සෙ/321943 සැරයන් වික්‍රමසිංහ ඩබ්ලිව්එම්එස්පී හා සෙ/320194 කෝප්‍රල් සෙනවිරත්න බීජීඑම් යන රණවිරුවන් දෙදෙනා හට රෝදපුටුවක් සහ අත්වාරු යුවලක් පරිත්‍යාග කරන ලදි. එම අවස්ථාව සදහා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වන ලදි.