Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

26th January 2022 11:28:11 Hours

2022 වර්ෂයේ ප්‍රථම මහසභා රැස්වීම පැවැත්වීම

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී ශිරෝමාලා කොඩිතුවක්කු මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2022 වර්ෂයේ ප්‍රථම මහසභා රැස්වීම 2022.01.23 වන දින 1500 පැයට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නයේදී පවත්වන ලදි. ඒ සඳහා සේවා වනිතා ශාඛාවේ ගරු උප සභාපතිනිය, ගරු ලේකම් තුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ සාමාජිකාවන් සහභාගීවූ අතර, අදාළ මහසභා රැස්වීම දැනට රට තුල පවතින කොවිඩ් 19 වසංගත තත්වය මත පනවා ඇති සෞඛ්‍ය නීති රෙගුලාසීන්ට අනුකූලව ඉතා චාම් අන්දමින් පවත්වන ලදී.