Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

11th September 2020 22:23:35 Hours

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලැබු තවත් ප්‍රජාසත්කාරයක්

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම යටතේ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනී අනූජා ජයවීර මහත්මියගේ උපදෙස් පරිදි සේවාවනිතා ශාඛාවේ මුල්‍යමය දායකත්වය ඇතිව රෙජිමුබ ශ්‍රීලපාහ ඒකකයට අයත් වවුල්අබේ, පහලවැව, තලකිරියාගම, දඹුල්ල යන ලිපිනයේ පදිංචි සෙ/329893 කෝප්‍රල් දසනායක ආර්ඩීඑඩීඑස් (ආබාධිත) යන කොනොනිගේ පුද්ගලික මුදලින් රු:200,000.00 මුදලක් සහ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාව වෙතින් රු:800,000.00 ක මුදලක් වැයකර රෙජිමුබ ශ්‍රීලපාහ ඒකකයේ පූර්ණ අධීක‍ෂණය යටතේ 5(සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ සහ රෙජිමුබ ශ්‍රීලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වයෙන් නව නිවසක් ඉදිකරන ලදි. එම නිවස ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රෙජිමේන්තු අධිපති තුමන් සහ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමියගේ සුරතින් 2020.09.11 වන දින 1012 පැයට යෙදුන සුභ මොහොතින් විවෘත කර තත් කොනොනි හට නිවසේ යතුර භාරදෙන ලදි. ඒ සදහා ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද, 11 ශ්‍රීලපාහ ඒකකයේ අණදෙන නිලධාරී තුමන්, 5(සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ අණදෙන නිලධාරී තුමන් සහ රෙජිමුබ ශ්‍රීලපාහ ඒකකයේ අණදෙන නිලධාරී තුමා ඇතුළු ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ සම්බන්ධීකරණ නිලධාරී සමග සෙසු සාමාජිකයින් පිරිසක් සහභාගී වන ලදි.