Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

14th October 2020 20:12:47 Hours

ශ්‍රිලපාහ සේවාවනිතා ශාඛාවේ මූල්‍යාධාරයෙන් රණවිරුවන් හට නිවාස තනාදීමේ වැඩපිළිවෙලෙහි තවත් එක් අධියරක්

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මග‍පෙන්වීම යටතේ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනී අනූජා ජයවීර මහත්මියගේ උපදෙස් පරිදි සේවාවනිතා ශාඛාවේද මූල්‍යමය දායකත්වයෙන් 23 ශ්‍රීලපාහ ඒකකයට අයත් එක්දරු පියෙකු වන දැනට පදිංචියට නිවසක් නොමැති ආයුවන්දම වැව අසල, මාස්පොත යන ලිපිනයේ පදිංචි සෙ/326856 කෝප්‍රල් විමලවීර එම්ටීඒපී යන කොනොනිගේ පුද්ගලික මුදලින් රු:200,000.00 ක මුදලක් සහ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාව වෙතින් රු:800,000.00 ක මුදලක් වැයකර 23 ශ්‍රීලපාහ ඒකකයේ පූර්ණ අධීක්‍ෂණය සහ ශ්‍රම දායකත්වයෙන් නව නිවසක් ඉදිකරන ලද අතර, විෂය ගත සෙනීගේ දැඩි ඉල්ලීම මත නව නිවස රෙජිමේන්තු අධිපති තුමන්ගේ සහ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමියගේ සුරතින් 2020.10.14 වන දින 0942 පැයට යෙදුන සුභ මොහොතින් විවෘත කර තත් කොනොනි හට භාරදෙන ලදී. මෙම අවස්ථාව දැනට රටේ පවතින කොරෝනා පැතිරීම වැලැක්වීමේ නීතිරීතීන්ට අනුකූලව රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සහ සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉතා චාම් අයුරින් සිදුවීම විශේෂත්වයකි.