Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

24th November 2020 23:24:05 Hours

ශ්‍රිලපාහ සේවාවනිතා ශාඛාවේ මූල්‍යාධාරයෙන් රණවිරුවන් හට නිවාස තනාදීමේ වැඩපිළිවෙලෙහි තවත් එක් අධියරක්

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මග‍පෙන්වීම යටතේ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනී අනූජා ජයවීර මහත්මියගේ උපදෙස් පරිදි සේවාවනිතා ශාඛාවේ මූල්‍යමය දායකත්වයෙන් 2 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයට අයත් දෙදරු පියෙකු වන දැනට පදිංචියට නිවසක් නොමැති 199/H2 කුකුලවත්ත, දාම්පේ, මීගොඩ යන ලිපිනයේ පදිංචි සෙ/ඩී100632 කෝප්‍රල් ආරියවංශ ඩීඑල්ආර් යන කොනොනීගේ පුද්ගලික මුදලින් රු:200,000.00 ක මුදලක් සහ ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාව වෙතින් රු:800,000.00 ක මුදලක් වැයකර 2 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ පූර්ණ අධීක්‍ෂණය සහ ශ්‍රම දායකත්වයෙන් නව නිවසක් ඉදිකරන ලද අතර, විෂය ගත කොනොනීගේ දැඩි ඉල්ලීම මත නව නිවස ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමියගේ සුරතින් 2020.11.22 වන දින 0906 පැයට යෙදුන සුභ මොහොතින් විවෘත කර තත් කොනොනී හට භාරදෙන ලදී. මෙම අවස්ථාව දැනට රටේ පවතින කොරෝනා පැතිරීම වැලැක්වීමේ නීතිරීතීන්ට අනුකූලව රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ජේකේආර්පී ජයසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සහ සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉතා චාම් අයුරින් සිදුවීම විශේෂත්වයකි.