Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

08th January 2019 11:08:57 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව මගින් සිදුකරන ලද තවත් මහගු සත්කාරයක්

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු පාබල හමුදා සාමාජිකයන්ගේ සුභසාධන කටයුතු වෙනුවෙන් නිරතුරු කැපවිමෙන් කටයුතු කරන පාබල හමුදා සේවා වනිතා ශාඛාව මගින් වෛද්‍යාධාර හා අධ්‍යාපන කටයුතු සදහා ශිෂ්‍යාධාර වශයෙන් මුල්‍යමය පරිත්‍යාගයන් සිදුකිරිමේ මහගු සත්කාරයක්, 2019.01.07 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි තුෂාරි කුලතුංග මහත්මියගේ මගපෙන්විම මත රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානය පනාගොඩ හීදි සිදු කරන ලදී.

එම මුල්‍යම පරිත්‍යාගයන් යටතේ වෛද්‍යාධාර වශයෙන් සෙ/325653 කෝප්‍රල් යාපා වයිඑම්එන්සී - 4 ශ්‍රීලපාහ හට රු. 100,000.00 ක මුදලක්ද හා අධ්‍යාපන කටයුතු සදහා ශිෂ්‍යාධාර වශයෙන් සෙ/17ඩී00059 ව/සැරයන් ජයරත්න එල්ජී - 2(සෙව්) ශ්‍රීලපාහ හට රු.20,000.00 ක මුදලක් පරිත්‍යාග කරන ලදී.