Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

08th December 2018 13:33:37 Hours

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව මගින් සිදුකරන ලද තවත් මහගු සත්කාරයක්

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව යටතේ සේවයේ නියුතු පාබල හමුදා සාමාජිකයන්ගේ සුභසාධන කටයුතු වෙනුවෙන් නිරතුරු කැපවිමෙන් කටයුතු කරන පාබල හමුදා සේවා වනිතා ශාඛාව මගින් වෛද්‍යාධාර හා නිවාස ආධාර වශයෙන් මුල්‍යමය පරිත්‍යාගයන් සිදුකිරිමේ මහගු සත්කාරයක්, 2018.12.06 වන දින සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි තුෂාරි කුලතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානය පනාගොඩ හීදි සිදු කරන ලදී.

එම මුල්‍යම පරිත්‍යාගයන් යටතේ වෛද්‍යාධාර වශයෙන් සෙ/316056 කෝප්‍රල් වන්නිආරච්චි එම්ආර්පී හටරු. 30000.00 ක මුදලක්ද, නිවාස අධාර වශයෙන් සෙ/326508 ලාකෝ චන්ද්‍රවංශ ඒපීඩී හට රු.150000.00 ක මුදලක් හා සෙ/323273 සාසෙ රොහාන් රවින්ද්‍ර ඕ රු.50000.00 ක මුදලක් ලබාදිම සිදුකරන ලදී. මෙම අවස්ථාව සදහා රෙජිමේන්තු සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි විය.