Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

10th November 2024 23:12:54 Hours

පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් සිදු කල සුවිශේෂි මෙහෙවර

ශ්‍රි ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් පාබල හමුදාවට අයත් රණවිරුවන් වෙනුවෙන් සිදු කරනු ලබන සුභ සාධන කටයුතු වල තවත් පියවරක් ඉදිරියට තබමින් ආඥාපති ආසේමු (මධ්‍යම) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබිඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශණි යහම්පත් මැතිනියගේ උදාරතර සංකල්පයක් මත 2024.11.09 වන දින රෙම ශ්‍රිලපාහට අයත් නිලධාරින්ගේ සහ සෙසු නිලයින්ගේ භාර්යාවන් 150 කගේ පමණ සහභාගිත්වයෙන් සුපවේදී වැඩමුළුවක් පවත්වන ලදී. ඒ සඳහා පුර්ණ අනුග්‍රාහය නෙස්ලේ ලංකා පුද්ගලික සමාගම වෙතින් ලබාදුන් අතර, සුවදායි හා පෝෂදායි ආහාර යන තේමාව යටතේ එම ආයතනය වෙතින් විවිධ ප්‍රශ්න අසමින් ඒ සඳහා පිලිතුරු ලබාදුන් අයවෙත ත්‍යාග ප්‍රධානය කරමින් ඉතාමත් සිත් ගන්නාසුළු ආකාරයේ හරවත් වැඩමුළුවක් පවත්වන ලදී. තවද වැඩමුළුව අවසානයේ ඒ සඳහා සහභාගි වු සියළු දෙනා වෙත දිවා ආහාරයද ලබාදෙන ලදී.

ඒ අනුව මෙම වැඩමුළුවේ එක් සුවිශේෂි අරමුණක් වන්නේ සෙබළුන්ගේ ආර්ථික තත්වය ඉහල නැංවීම සඳහා නෙස්ලේ ආශ්‍රිත අමුද්‍රව්‍ය යොදා ගනිමින් ආහාර වර්ග නිෂ්පාදනය කර ස්වංරැකියා සඳහා යොමු කිරිමයි. එසේම මෙම ස්වයංරැකියා ආරම්භ කිරීමට අපේක්‍ෂාවෙන් සිටින රණවිරු පවුල් වෙනුවෙන් මූලික උපකරණ සහ අමුද්‍රව්‍ය සහනදායි මිල ගණන් යටතේ ලබා දීමට අනුග්‍රාහය දැක්වු නෙස්ලේ ලංකා ආයතනය වෙතින් එකඟතාවය පළකර ඇති අතර, එම නිෂ්පාදන රෙම ශ්‍රිලපාහ වෙතින් පවත්වාගෙන යනු ලබන අවන්හල් වෙතින් අලෙවිකර ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු සුදානම් කර ඇත. එමඟින් නිෂ්පාදන කරුවන් හට ගැනුම්කරුවකුද ඉදිරිපත් කර ඇත.

මේ සඳහා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිනිය ඇතුළු සාමාජිකාවන් සහ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද නෙස්ලේ ලංකා පුද්ගලික සමාගමේ විකුණුම් සහ ප්‍රවර්ධන කළමණාකාර අයේෂ් ලසන්ත මහතා අතුළු කාර්ය මණ්ඩලයද සහභාගි වු අතර, ප්‍රවීන සූපවේදිනි රෝෂිනි පෙරේරා මහත්මිය විසින් වැඩසටහන මෙහෙය වන ලදී.