Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

28th August 2023 17:13:59 Hours

සේවාවනිතා ශාඛාවෙන් සමුගත් හිටපු සභාපතිතුමිය හා ලේකම්තුමිය

ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාව වෙනුවෙන් රණවිරුවන්ගේ සුබසාධන කටයුතු ඉහළ මට්ටමකට ගෙනඒම සඳහා සුවිශාල කාර්යභාරයක් සිදුකරන ලද සේවාවනිතා ශාඛාවේ 11 වැනි ගරු සභාපතිනිය ලෙස කටයුතු කළ ධනූෂා වීරසූරිය මහත්මිය වෙත හා රණවිරු සුබසාධන ව්‍යාපෘති සඳහා තම දායකත්වය හා උපදෙස් ලබාදෙමින් සේවාවනිතා ශාඛාව වෙත අගනා සේවයක් ඉටුකළ ප්‍රියංකා පීරිස් හිටපු ලේකම්තුමිය වෙත කෘතවේදීත්වය පිරිනැමීම වෙනුවෙන් සංවිධානය කළ සමුගැනීමේ සන්ධ්‍යා සුහද හමුවක් පවත්වන ලදී.

සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි උත්පලා හෙට්ටිආරච්චි මැතිනියගේ උපදෙස් හා මඟපෙන්වීම මත 2023.08.27 වන දින සන්ධ්‍යාවේ දී රෙම ශ්‍රීලපාහ නිලධාරී නිවස්නයේ දී පැවැත්වූ මෙම සුහද හමුව සඳහා ගරු සභාපතිතුමිය ඇතුළු ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් සහභාගී වූ අතර, සේවාවනිතා ශාඛාවෙන් සමුගත් හිටපු සභාපතිතුමිය හා ලේකම්තුමිය වෙත ඔවුන්ගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි සේවාවනිතා ශාඛාවේ හා පාබල හමුදා රෙජිමේන්තුවේ සුබාශිංසන මෙසේ පුද කරන්නෙමු.