Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

20th August 2020 21:56:33 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ තවත් ප්‍රජා සත්කාරයක්

V වන අධියර යටතේ රණසේවාඅම විසින් ඉදිකරනු ලබන නව නිවාස ව්‍යාපෘතිය සඳහා මෙම රෙජිම වෙතින් පහත නම් සඳහන් අයවලුන් තෝරා පත්කරගෙන ඇති අතර, එක් නිවසක් ඉදිකිරීම වෙනුවෙන් වැයවන සම්පූර්ණ මුදල රු: 1,500,000.00 ක් බැවින් රණසේවා අම වෙතින් රු: 1,200,000.00 ක්ද ශ්‍රීලපාහ රෙජිමේන්තුව වෙතින් රු: 300,000.00 ක්ද (නිවාස 04 සදහා රු: 1,200,000.00 ක්) ලබාදෙන ලෙස උපදෙස් ලබාදී ඇති අතර, එම මුදලින් රු: 600,000.00 ක මුදලක් රෙආස රෙම ශ්‍රීලපාහ වෙතින් සහ ඉතිරි රු: 600,000.00 ක මුදල සේවා වනිතා ශාඛාව වෙතින් ලබාදීම සඳහා ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය විසින් උපදෙස් ලබාදීමෙන් පසු අදාල නිවාස ලාභින් 04 දෙනා හට (එක් අයෙකුට 150,000.00 ක් බැගින්) රු: 600,000.00 ක මුදලට අදාල ප්‍රේෂණපත් 2020.08.20 වන දින 0930 පැයට ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ගරු සභාපතිතුමිය වන අනුජා ජයවීර මහත්මියගේ සුරතින් පරිත්‍යාග කරන ලදි. තවද, එම අවස්ථාව සඳහා රෙම ශ්‍රීලපාහ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ජේකේආර්පි ජයසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ සේවා වනිතා ශාඛාවේ සම්බන්ධිකරණ නිලධාරී ඇතුළු සෙසු සාමාජිකයින් පිරිසක්ද සහභාගී වන ලදි.

නි/62940 කපිතන් එන්ඩබ්ලිව් ගුණසේකර ආර්එස්පි ශ්‍රිලපාහ (මියගිය) - 8 ශ්‍රීලපාහ
සෙ/318656 සැරයන් සුමනදාස ඩබ්ලිව්එන් (ආබාධිත) - රෙජිමුබ ශ්‍රීලපාහ
සෙ/321188 සැරයන් සුමනදාස ඩබ්ලිව්එන් (ආබාධිත) - 15 ශ්‍රීලපාහ
සෙ/314955 ලාකෝ කාල්වාන කේආර්කේඒ (මියගිය) - 10 ශ්‍රීලපාහ