Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

31st July 2020 22:50:15 Hours

සේවා වනිතා ශාඛාවේ නව සභාපති තුමිය තම ධුරයේ වැඩ භාර ගනී

ශ්‍රි ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපති ධූරයේ මාස 4 ට වැඩි කාලසීමාවක් රාජකාරී කරනු ලැබූ හිටපු ගරු සභාපතිනී චායා ගුණරත්න මහත්මිය සමුගැනීමෙන් පසු එම තනතුර සඳහා 2020.07.29 වන දින සිට 8 වන ගරු සභාපති තුමිය වශයෙන් අනූජා ජයවීර මැතිණිය පත්වූ අතර, එම මැතිණිය විසින් 2020.07.31 වන දින 1025 පැයට යෙදුනු සුභ මොහොතින් ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති ධූරයේ රාජකාරී ආරම්භ කරණ ලදි. එම අවස්ථාව සදහා රෙජිමේන්තු අධිපති තුමන් ඇතුළු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වන ලදි.