Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

05th January 2020 10:31:26 Hours

ශ්‍රිලපාහ සේවා වනිතා ශාඛාව විසින් වාර් ෂිකව පවත්වනු ලබන විනෝද චාරිකාව - 2019

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය ක්‍රිෂානි මුදලිගේ මහත්මියගේ උපදෙස් හා මග පෙන්විම යටතේ ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව විසින් වාර් ෂිකව පවත්වනු ලබන විනෝද චාරිකාව ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාවේ හිටපු ගරු සභාපතිනයන් වන සෝනියා කෝට්ටේගොඩ මහත්මිය, දමයන්ති රත්නායක මහත්මිය, ශාරි මල්ලවආරච්චි මහත්මිය සහ ධනංජනි කරුණාසේකර මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ රෙම ශ්‍රීලපාහට අයත් මියගිය/ විශ්‍රාමික සහ සේවයේ නියතු ජ්‍යෙෂ්ඨ නිලධාරි/ නිලධාරි බිරින්දෑවරුන්, ඔවුන්ගේ දු දරුවන්ගේ සහභාගිත්වයෙන් 2019.12.26 වන දින ලයා ලෙෂර් කුකුලේගගහිදි දවස පුරා පවත්වන ලදී. එහිදි ගරු සභාපති තුමිය ඇතුළු හිටපු ගරු සභාපතිනියන්, සාමාජිකාවන් සහ ඔවුන්ගේ දු දරුවන් වෙනුවෙන් විනෝද ක්‍රිඩා රැසක් සංවිධානය කර තිබු අතර ජයග්‍රාහක/ ජයග්‍රාහිකාවන් සදහා වටිනා තෑගි පරිත්‍යාගයක් ගරු සභාපති තුමියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. තවද එදින දවස පුරා රෙම ශ්‍රීලපාහට අයත් ත්‍රි පුද්කල සංගීත කණ්ඩායම විසින් සංගීත රසාස්වාදයක් ලබාදුන් අතර චාරිකාව සදහා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධිකරණ නිලධාරි ඇතළු සෙසු සාමාජිකයින් පිරිසක් ද සහභාගි වන ලදි.